27 C
Colombo
Monday, May 6, 2024

මරුවාට අතවනන කළබලේ විවෘත කළ කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම

- Advertisement -

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් දිවෙන නව ගුවන් පාලම, මාර්ගයට සම්බන්ධ කරන කොටසේ ඉදි කිරීම් තවමත් අසම්පූර්ණ තත්වයේ පැවතීම හේතුවෙන් රියදුරන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවට පුවතක් ‘Ceylon Today’  වාර්තා කරනවා.

කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා (08) ජනතා අයිතියට පත් කරනු ලැබුවා.

විශේෂයෙන්ම, රාත්‍රී කාලයේදී ගුවන් පාලමේ සහ මාර්ගයේ විදුලි පහන් නොමැතිකම හේතුවෙන් ගුවන් පාලම ඔස්සේ අරලියගහ මන්දිරය පිටුපස සිට ගංගාරාම දෙසට ගමන් කරන වාහන එක්වරම අඩි බාගයක් පමණ පහළට වැටීමකට ලක් වෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

ගාලු පාරේ අධික වාහන තදබදයක් පවතින විට විකල්ප මාර්ගයක් ලෙස මෙම මාර්ගය භාවිත කරන මෝටර් රථ රියදුරන් මෙම තත්ත්වය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා .

RECENT ARTICLES - SINHALA

අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි තොගයක් පොලිස් අත්අඩංගුවට

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

අලුත් වෙන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...