27.4 C
Colombo
Wednesday, June 7, 2023

කූඹියෝ නාට්‍යයෙන් දේශපාලනය විග්‍රහ කරොත් අබ සරණයි..! – දුමින්ද නාගමුව (VIDEO)

- Advertisement -

‘කූඹියෝ’ වැනි ටෙලි නාට්‍යය හරහා දේශපාලනය කියවීමට උත්සහ කිරීම අනතුරුදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

News 19 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසා සිටියේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව සිය පක්ෂය විසින් භාවිතා කරන බවට ‘කූඹියෝ’ වැනි ටෙලි නාට්‍යය ඈඳමින් කරන ප්‍රකාශ පිළිබඳව ජනතාව නැවතත් සිතා බැලිය යුතු බවයි.

“කූඹියෝ ටෙලි නාට්‍යයෙන් දේශපාලනය විග්‍රහ කරගන්න හදනවා නම් කවුරු හරි, මං කියන්නේ ඉතින් අබ සරණයි කියලා තමයි. ඒ වගේ නාට්‍යය 4ක් විතර ගැහුවොත් කවුරු හරි, කිසිම දේශපාලනයක් හොයා ගන්න බෑ.”

වසන්ත මාස 5ක් හිටියා හිර කූඩුවේ. ඔහු ත්‍රස්ත විමර්ෂණ අංශයේ ඉඳිද්දී ඔහුම මාධ්‍යයට ඇවිත් ප්‍රකාශ කළා අඩි 6×4 කාමරයක තමයි දාලා හිටියේ කියලා. ඉතින් මම කියන්නේ එහෙම මනුස්සයෙක්ව පාවිච්චි කරනවා කියලා කියනවා නම් ඒ කියන අය බලන්න ඕනෙ එහෙම කියන්න පුළුවන්ද කියලා.”

ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ සිය පක්ෂය ඇති කරගත් පොදු සම්මුතියක් තිබුණද පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය ඉක්මවූ සමාජ ප්‍රතිසංස්කරණයක් අරමුණු කරගත් පක්ෂයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථිකය සම්බන්ධව මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය උපරිම මැදිහත්වීම සිදු කරන බවත් දිගින් දිගටම ඊට අදාල විරෝධතාවන් සිදුකරන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා පවසනවා. එමෙන්ම, අර්බුදය භාවිතා කරමින් බලය ඩැහැ ගැනීමට උත්සහ දරන පාර්ශව වලට කිසිඳු ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් නොමැති බවත් අනෙක් අයට බලය දුන් නිසා අපටත් බලය දෙන්න යන තේමාවෙන් පමණක් ඔවුන් කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...