31 C
Colombo
Sunday, April 2, 2023

විපක්ෂයෙන් වැඩක් ගන්නැයි අනුනාහිමියෝ ආණ්ඩුවෙන් ඉල්ලති

- Advertisement -



පිළිමයෙන් පිටුදකින න්‍යායෙන් ආණ්ඩුවත් විපක්ෂයත් කටයුතු කළහොත් කොරෝනා වසංගතය හමුවෙහි රට අර්බුදයකට යනු ඇතැයි කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ අනුනාහිමියෝ පවසති.


රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමේ ප්‍රධාන වගකීම ආණ්ඩුවට පැවැරී ඇතැයි ද සාම්ප්‍රදායික සතුරු ආකල්පයෙන් මිදී දෙපක්ෂයම කටයුතු කළ යුතු යැයි ද කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පවසති.


ඖෂධ කෝටාව තමන්ගේ කෙනෙකුට දීම වැනි ක්‍රියාවන්ගෙන් වැලැකී විපක්ෂයේ සිටින පළපුරුදු නායකයන්ගෙන් වැඩක් ගැනීමට ආණ්ඩුව සිතිය යුතු යැයි උන්වහන්සේ සඳහන් කළ බව ‘ලංකාදීප’ පුවත්පතේ සඳහන් වේ.


විපක්ෂයෙන් අපේක්ෂා කරන්නේ රජය ගන්නා සාධනීය පියවර අගය කරමින් වැරැදි දේට සාධනීය විවේචන කිරීම වුවත් වත්මන් විපක්ෂයත් පෙර පැවැති විපක්ෂ මෙන්ම අන්තවාදී වී ඇතැයි උන්වහන්සේ චෝදනා කර ඇත.
විපක්ෂය යනු බලය ඩැහැගැනීමට හැමදේටම විරුද්ධ වීමේ පක්ෂයක් නොවී ප්‍රතිපක්ෂයක් විය යුතු යැයි ද දැනුම හා ක්‍රියාකාරිත්වයෙන් විපක්ෂයට වැඩ විශාල කොටසක් කළ හැකි යැයි ද රාහුල අනුනාහිමියෝ පවසති.


ජනතා බලය නැති වුණත් ඔවුන්ගෙන් වැඩක් ගැනීමට ආණ්ඩුවකට හැකි නමුත් මේ දෙපාර්ශ්වයම සාම්ප්‍රදායික දේශපාලනයෙහි නියැලී සිටීම රටේ අවාසනාවක් යැයි ද රාහුල අනුනාහිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...