31 C
Colombo
Saturday, May 11, 2024

සිනොවැක් එන්නත ලබා ගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 350 කට වැඩි පිරිසකට කොවිඩ්

- Advertisement -

සිනොවැක් (Sinovac) එන්නත ලබා ගෙන තිබිය දී ත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් 350 කට අධික පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී ඇතැයි වාර්තා වේ.

එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශකයකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ රෝග ලක්ෂණ සහිත වෛද්‍යවරුන්ගෙන් බහුතරය නිවෙස් තුළම ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන වෛද්‍යවරුන් රෝහල් ගත කිරීමට ද පියවර ගෙන ඇත.

මෙම වෛද්‍යවරු පසුගිය ජනවාරි මාසයේ එන්නත්කරණ වැඩපිළිවෙල තුළ ප්‍රමුඛතා කණ්ඩායාමක් ලෙස නම් කර එන්නත් ලබා දුන් අය බව ද සෞඛ්‍ය අංශ පවසයි.

චීන ජෛව ඖෂධ සමාගමක් වන සිනොවැක් සමාගම විසින් නිපදවන ලද එන්නත එරට සෞඛ්‍ය අංශවල සියලුම දෙනාට ලබා දී ඇතැයි ඉන්දියානු වෛද්‍ය සංගමය පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

මරදගහමුල ප්‍රදේශයේදී කාන්තාවකට සහ දරුවකුට පහර දුන් කාන්තාවට පොලිස් අත්අඩංගුවට

දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ආයතනයක අද(11) උදෑසන මාසෙ වැටුප ඉල්ලන්න ගිය කාන්තාවකට සහ දරුවකුට ආයතනයේ හිමිකාරිය විසින් පහර දී තිබුණා. ඉන් පසුව පහර...

ද්විත්ව පුරවැසිකම තියනව නම් නම්බුව තියන් අයින් වෙන්න – ඕමල්පේ සෝභිත හිමි (වීඩියෝ)

ද්විත්ව පුරවැසිකම වැනි අයතා තත්ත්වයන් දරන මන්ත්‍රී පදවියට සුදුසුකම් නැති තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් පමණ පාර්ලිමේන්තුවේ සිටින බවට තොරතුරු වාර්තා වන බව ඕමල්පේ සෝභිත හිමියන්...

බලංගොඩ බිහිසුණු අනතුරකින් පාස​ල් සිසුවියකට බරපතළ තුවාල

බලංගොඩ වැලිගෙපොළ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සාමාන්‍ය පෙළ විභාගය නිමවා නිවස බලා යමින් සිටි සිසුවියක් බරපතළ තුවා ලබා රෝහල්ගත කර තිබෙනවා. මාර්ගයේ ධාවනය වෙමින්...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...