28 C
Colombo
Thursday, December 2, 2021

වීරතුංග- බාලේන්ද්‍ර කොමිසම කවුරු වෙනුවෙන් ද?

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය අවසන් වීමට ඇත්තේ තව වසර හතරකි. එසේ ශේෂ වූ පාලන කාලය ද කොමිසම් බහුල කාලයක් බවට පත්ව තිබේ. එහි අලුත්ම පියවර බවට පත්ව තිබෙන්නේ ආයෝජන හා ඉදිකිරීම් ක්‍ෂේත්‍රවල නීති ප්‍රතිසංස්කරණයක් සඳහා ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිසමයි. ආයෝජන හා ඉදිකිරීම් ඇතුඵ ක්‍ෂේත්‍ර ගණනාවක දැනට පවතින නීති සරල කිරීමට පත්කරනු ලැබී යැයි කියන එහි සමසභාපතිවරුන් වන්නේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග හා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂේන් බාලේන්ද්‍රයි. වෘත්තියවේදීන් 18 දෙනකුගෙන් සමන්විත මෙම කොමිසමට සිය කාර්යභාරය ඉටුකිරීමට දින 90 ක කාලයක් ලැබේ. 
ජනතාවට සමීප ක්‍ෂේත්‍ර ගණනාවක දැනට පවතින චක්‍රලේඛ, උපදෙස්, අවසර පත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය, අනුමත කිරීම්, රාජ්‍ය මූල්‍ය හා බදු ආදායම් පිළිබඳ නීති, රෙගුලසි සම්පූර්ණ සමාලෝචනයට ලක්කිරීමට එමගින් නියමිතය. ඇතැම්විට වරින්වර විවිධ චක්‍රලේඛ උපදෙස් හා නීති රෙගුලාසි බලාත්මක කිරීමෙන් අදාළ අරමුණුවලින් බැහැර වීද කියා අධ්‍යයනය කිරීමත් මෙම කොමිසමට පැවැරී ඇති කාර්යකි. එසේම  ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ශ්‍රී ලංකාවට ගැලපෙන නව නියාමන ක්‍රමවේද හඳුන්වාදීම දැනට පවතින සංකීර්ණ හා අධිනියාමන නීති නිසා ජනතාවට දැරීමට සිදුවන වියදමත් සිදුවිය හැකි දූෂණ හා අවිධිමත් භාවිතය ගැන තක්සේරු කිරීමත් ඊට පැවැරී ඇත. එකම කාර්යේදී අනුමත කිරීම් අවසර දීම් හා බලපත්‍ර නිකුත් කිරීම සඳහා පළාත් සභා හා පළාත් පාලන ආයතන ගණනාවකට යෑම වැලැක්වීම ද එහි අරමුණකි. මේ ආකාරයෙන් බලනවිට වීරතුංග බාලේන්ද්‍ර කොමිසමට පැවැරී ඇත්තේ සු`ඵපටු කාර්යක් නොවේ. එහෙත් ඒ සඳහා ඔවුන්ට ලැබී ඇත්තේ දින 90 ක් හෙවත් මාස තුනක් වැනි කෙටි කාලයකි. මෙවැනි පුඵල් විෂය ක්‍ෂේත්‍රවලින් පිරුණු කොමිසමකට මාස තුනක් වැනි කාලයකදී සිය අරමුණු කරා යා හැකිද යන්න මෙහිදී නැගෙන ප්‍රධාන ප්‍රශ්නයයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකවරයාම ඒ සඳහා යෙදීමෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයා ඊට දෙන අවධානයේ ප්‍රමාණයයි. 
චීනය හැරුණු විට ලෝකයේ සියලුම රටවල පාහේ ආර්ථිකයන් කොවිඞ් තත්ත්වය සමග අර්බුදයට ගොස් තිබේ. ඊට දියුණු නොදියුණු යැයි භේදයක් නැත. එහෙත් ලංකාව අද භුක්ති විඳිමින් සිටින්නේ කලක් තිස්සේ කුණුවෙමින් පැමිණි ආර්ථික අවගමනයක ප්‍රතිඵලය. ශ්‍රේණිගත කරන ආයතනවලින් රට පහළ වැටෙද්දී ආයාත සීමා පනවමින් ආණ්ඩුව විවිධ අත්හදාබැලීම් කළ ද ණය අර්බුදයෙන් ගොඩඑන්නට තියා සිය එදිනෙදා ආදායම සොයාගැනීමටවත් බැරි තැනකට ලංකාව පත්ව තිබේ. බොහෝ නොහැකියාවන් කොවිඞ් වයිරසය පිට පැටලවීමට තැත් දැරුව ද තමන් සිටින ඇත්ත තැන ගැන හොඳින්ම ආණ්ඩුව දනී. එය වඩාත් හොඳින් දන්නේ ජනාධිපතිවරයාය. කොවිඞ් වයිරසයෙන් සිදුව තිබෙන්නේ ආර්ථික ප්‍රපාතය කරා යන ගමන වේගවත් වීම පමණි. එනිසා දන්නා සියලු දහං ගැට දමන්නට ප්‍රතිපත්ති සම්පාදකයන්ට බල කෙරෙන තැනකට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. සෞඛ්‍යාරක්ෂාව උකසට තබමින් දේශීය නීතිය හාස්‍යට ලක් කරමින් කෙරෙන යුක්‍රේන සංචාරක ආගමන එහිලා කසකරුවකු පමණි. 
ආණ්ඩුව බලයට පත් වූ දිනවල නිතර ව්‍යවහාර කළ වැකිය වූයේ ලක්ෂ හැට නවයක ජනවරමයි. තමන් කරන ඕනෑම වැඩකට තමන්ට ඡන්දය දුන් ජනයා පාවාදීම මගින් විවේචකයන් විරුද්ධ මතධාරීන් සහ ඡන්දය දුන් අය අතරින් පවා නැගෙන ප්‍රශ්න කිරීම් දියකර හැරිය හැකි යැයි කියා ආණ්ඩුවේ නායකයෝ ඒ දිනවල සිතූහ. එහෙත් ආණ්ඩුව සිතූ දේ නොම වෙන්නට වැඩි කලක් ගියේ නැත. මාස කීපයක ඇවෑමෙන් අද ඇත්තේ ආණ්ඩුවට ඡන්දය දුන් පිරිස් පවා සිය ප්‍රතිරෝධය පල කරන ප්‍රශ්න කරන සාප කරන දේශපාලන වටපිටාවකි. ඒ තුළ තවදුරටත් ජනවරම ව්‍යවහාර කරමින් පමණක් ගමනක් යා නොහැකි බව ආණ්ඩුවේ න්‍යායාචාර්යවරු දනිති. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක කළ ප්‍රශ්න කිරීමේ සිට වනජීවී ඇමැතිවරයාට සෘජුවම වනජීවී නිලධාරින් ඒකාබද්ධව දක්වන විරෝධතාවල සිට ආණ්ඩුවේම වෘත්තිය සමිති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දක්වන විවේචක අදහස් සමග ආණ්ඩුවට අත්තනෝමතිකව කටයුතු කිරීමේ සීමා පෙනෙමින් තිබේ. 
හතරවටින් නැගෙන මෙම විරෝධතාවල ඊළඟ ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුවට ඇති සමාජ අවනතභාවය දියවීමය. අධිකාරි බලයට ජනයා හිස නැවීම නිරන්තරයෙන් අපේක්ෂා කරන නායකයන් පිරිසකට එය හොඳ ප්‍රවණතාවයක් නොවේ. ඉතින් මේ තත්ත්වය වෙනස් කරගන්නේ කෙසේද? ආණ්ඩුව මේ දිනවල නිතර සිතන පැනය එයයි. එය කළ හැක්කේ ප්‍රතිරෝධයේ පදනම් වෙනස් කිරීමෙනි. මෙය අපට සරල නිදසුන් ඇසුරෙන් පැහැදිලි කළ හැකිය. ජනයාගේ පෞද්ගලික තොරතුරු එකතු කිරීමේ රාජ්‍ය ව්‍යාපෘතියක් දියත් කරනවාට වඩා කොවිඞ් වයිරසය මැඩලීමේ අරමුණෙන් කෙරෙන දත්ත එකතු කිරීමක් යනු ලස්සන වැඩකි. එවිට තමන්ගේ පෞද්ගලික තොරතුරු ප්‍රදානයට අකැමැතිව සිටි දැනුමැති පුරවැසියකු පවා මේ නරා වළෙන් ගොඩඑන්නට සිය කැමැත්ත පාවිච්චි කරනු ඇත. හතර අතේට ණය වී සිටින ලංකාණ්ඩුවට ඉඩම් හා ආයෝජන විෂයෙහි අන්තරාකාරී අවදානම් ව්‍යාපෘති කරා පවා යා හැක්කේ එවැනි ලස්සන වැඩකින් පමණි. පෙනෙන හැටියට වීරතුංග බාලේන්ද්‍ර කොමිසම වනාහි එකී ලස්සන වැඬේට මග කපන පියවරකි. කෙටියෙන් කිවහොත් මුට්ටියකි. 
තමා රටේ විධායක ජනාධිපතිවරා බවත් තම වචනය චක්‍රලේඛ ලෙස සැලකිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ පසුගිය සැප්තැම්බරයේ පැවැති මහජන හමුවකදීය. ආණ්ඩුවට හිතැති පෞද්ගලික රූපවාහිනී නාලිකා කීපයකින් ඊට ඉහළ ප්‍රචාරණයක් දෙමින් ජනාධිපතිවරයා උඩ තබන්ට තැත් දැරුව ද සිදුවුණේ අනපේක්ෂිත ලෙස ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීමට සමාජ කණ්ඩායම් පෙළඹීමය. ජනාධිපතිවරයා ඒකාධිපතියකුය යන මුද්‍රාව සනාථ වීමය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා තම සිතැඟි පරිදි කතා කළත් ජනාධිපතිවරයාගේ වචනය අනුව ක්‍රියා කිරීම තුළ පවතින අණ පනත් රෙගුලාසි උල්ලංඝනයක් වුවහොත් අපරාධ නීතිය යටතේ හෝ පරිපාලනමය වශයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනෙන්නේ රාජ්‍ය සේවකයන්ට එරෙහිවය.
“මම හිතන්නේ ඒක වැරැදියට තේරුම් ගෙන තිබෙන්නේ. එතුමා එයින් අදහස් කරන්නේ තමන් කියන දේ අණ පනත් චක්‍රලේඛ හැටියට තේරුම්ගන්න කියන එක නෙවෙයි. තිබෙන අණ පනත් අනුව මිනිස්සුන්ට කරන්න පු`ඵවන් දේ කරන්න කියලනෙ ඔය අවධාරණය කරන්නේ. නීතියට අනුකූලව නීතියේ ඇතුළත කළ යුතු දේවල් හා කළ හැකි දේවල් කරන්න කියලා තමයි කියන්නේ. එතුමා නීතිය කඩන්න කියල කාටවත් කියන්නේ නෑ. ” 
ජනපති වචනය නීතිය වීමෙන් රාජ්‍ය සේවකයන් වැටෙන අමාරුව ගැන කළ ජනමාධ්‍ය ප්‍රශ්නකිරීමකට අධිකරණ ඇමැති අලි සබ්රි මහතා දී තිබුණේ එවැනි පිළිතුරකි. තමන්ට ඡන්දය දුන් ලක්ෂ 69 අතර සිටින මධ්‍යම පාංතික දැනුමැති ජනයා හා වෙනස් වන ඡන්ද තීරු ආණ්ඩුවේ කතා දේව වාක්‍ය මෙන් පිළිගැනීමට සූදානමක් නැති බව කල්යෑමෙන් ආණ්ඩුවේ උපදේශකයන්ට සිතෙන්නට ඇත. අඬුව තිබෙද්දී අත පු`ඵස්සා ගත යුතු නැතැයි ද සිතන්නට ඇත. ජනාධිපතිවරයා පැත්තකින් තබා උගතුන් හා වෘත්තිකයන් ව්‍යාපාරිකයන් යන පාර්ශ්වම එම කටයුත්තට පාවිච්චි කිරීම දෙවැනි වටයට පැමිණ ඇත්තේ ඒ අනුවය. රාජ්‍ය සේවා කොමිසමට දෙරණ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර මහතා පත්කිරීමේ සිට එන ගමනේ උච්චතම පියවරක් හැටියට වීරතුංග බාලේන්ද්‍ර කොමිසම පත්වන්නේ ද ඒ අනුවය. මෙම ජනාධිපති කොමිසමේ සමසභාපතිත්වය ද පෞද්ගලික සමාගමක ප්‍රධානියකුට පැවැරීමෙන් එය තහවුරු වේ. 
ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ තම නිල කාලයෙන් වසරකට වැඩි කාලයක් ගෙවා අවසන් කළ ධූර කාලයකය. ඉතිරි වී ඇති සිව් වසරෙන් ද එක් මසක් අවසන් වී ඇති පසුබිමක එලැඹෙමින් තිබෙන්නේ වඩාත් දුෂ්කර අවධිය බව ඔහු නොදන්නවා නොවේ. එකම කඳවුරේ අනුප්‍රාප්තික සහෝදරයකු හෝ පුත්‍රයකු බල අරගලයට පිවිසුණත් අසමත් රාජ්‍ය නායකයකු ලෙස පුටුවෙන් බැසයන්නට සිදුවීම ඔහුගේ ඊගෝවට දැරිය හැකි දෙයක් නොවේ. දැනටමත් ‘සර් ෆේල්’ නමින් මතුව ඇති ප්‍රවාදය සාහිත්‍යාලංකාරයක් ලෙස හෝ ජනගතවෙමින් තිබේ. ආණ්ඩුව එය නොතක බව කිව්වත් පාර්ලිමේන්තුවේදීත් රූපවාහිනී සංවාදවලදීත් එය එසේ නොවන බව තහවුරු කිරීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් යත්න දරන ප්‍රමාණය විසින් පෙන්නුම් කරනු ලැබෙමින් තිබෙන්නේ ද එයින් ආණ්ඩුවේ සිත රිදී ඇති ප්‍රමාණයයි. ඉතින් ක`ඵ ආර්ථිකයකට හෝ දොර අරින්නට වැඩි කල් ගැනීමට බැරිය. වීරතුංග බාලේන්ද්‍ර කොමිසමට විශාල වපසරියක් දින අනූවක් වැනි කෙටි කාලයකින් ආවරණය කිරීමට සිදුවීමෙන් පෙනේනේ ඒ ගමනේ වේගයයි. 

RECENT ARTICLES - SINHALA

ඔමික්‍රෝන් ඉන්දියාවටත් කඩා වදියි

0
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි. එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක්...

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ,...

බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...