26 C
Colombo
Thursday, March 23, 2023

කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට

- Advertisement -

කොළඹ මහ නගර සභාව සතු කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අති විශේස ගැසට් නිවේදනය මගින් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

කොළඹ නගරයේ පැරණි වෙළෙඳපොළවල් මහජන සේවාවන් සපයන පහසුකම් රැසකින් යුත් වෙළඳපොළ සංකීර්ණ වශයෙන් සංවර්ධනය කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට මීට පෙර උපදෙස් ලබාදී තිබුණා.

එහි පළවෙනි වැඩසටහන ලෙස 1976 වසරේදී ආරම්භ කළ කොල්ලුපිටිය වෙළෙඳපොළ සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මීට දශක 04කට පමණ පෙර සුපිරි වෙළෙඳසල යනුවෙන්ද හැඳින්වෙන මෙම ගොඩනැගිල්ලේ වෙළෙඳසල් හිමිකරුවන්ගේ ඉල්ලීම මත කොල්ලුපිටිය වෙළෙඳපොළ වර්තමානයට සහ අනාගතයට ගැළපෙන ලෙස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයෙන් (PPP) සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබීම පසුගියදා නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව අතර සිදුවුණා.

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...