28.9 C
Colombo
Thursday, March 27, 2025

ගිය වසරේ විශාල පිරිසක් දරුවන් සෑදීම පස්සට දාලා..! – ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව

- Advertisement -

පෙර වසර හා සැසඳීමේදී 2021 වසරේදී මෙරට සිදුවූ දරු උපත්වල අඩුවක් දක්නට ලැබෙන බව ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

2021 වසරේදී දරු උපත් 284,848 ක් සිදුව ඇති අතර, 2020 වසරේදී සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව 301,706 ක්. ඒ අනුව, පෙර වසරට සාපේක්ෂව 2021 වසරේ දී දරු උපත් සිදුව ඇත්තේ 16,858 ක් අඩුවෙන්.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමඟ මෙලෙස දරු උපත් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන්නට ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.

2021 වසරේදී වැඩිම දරු උපත් සංඛ්‍යාවක් සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 42,258 ක්. මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 21,643 ක් සිදුව ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ 19,439 ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 16,407 ක් ලෙස දරු උපත් සිදුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

POPULAR ARTICLES