29 C
Colombo
Saturday, July 27, 2024

‘ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති’ කෘතිය එළිදැක්වෙයි

- Advertisement -

නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා විසින් රචිත ‘ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති’ කෘතියේ දෙවැනි සංස්කරණය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සහ ඒෆ්‍රියල් තරුණ ජාලයේ සම ප්‍රකාශනයක් ඊයේ (22) එළිදැක්විණි.

සූම් ඔස්සේ එම පොත එළිදැක්වීම සිදු කළ අතර ජනමාධ්‍යවේදීන්, නීතිඥයන්, ජනමාධ්‍ය ශිෂ්‍යයන්, නීතිශිෂ්‍යයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කෘතිය එළිදක්වමින් ජගත් ලියනආරච්චි මහතා විසින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ එස් ජී පුංචිහේවා මහතාට පොත පිළිගැන්වීය. ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති එක තැනකට ගැනීමේ වැදගත් කම ගැන පුංචිහේවා මහතා කෙටි අදහස් දැක්වීමක් සිදු කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යාපන සහ විශේෂ වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ මේනකා හේරත් මහත්මිය, මානව හිමිකම් පිළිබඳ නීතිඥයකු මෙන්ම මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ද වන නීතිඥ තිෂ්‍ය වේරගොඩ, හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය, පොතේ කර්තෘ නීතිඥ ජගත් ලියන ආරච්චි, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති චාමර සම්පත් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවේදී අදහස් දැක්වූහ.

වැඩසටහන මෙහෙයවනු ලැබුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකාරිකයකු වන නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා විසිනි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...