31 C
Colombo
Saturday, July 27, 2024

නඩු කියලා හරි ලිට්‍රෝ ගන්නවා – ලාෆ්ස් සමාගම

- Advertisement -

ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ පැවරීමට වඩාත් හොඳම මෙන්ම සුදුසුම ආයතනය ලාෆ් ගෑස් සමාගම බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඊයේ (01) පවසා තිබුණා.

එම සමාගම පැවරීම පිළිබඳව කටයුත්තේදී නීතිමය පියවර ගැනීමට වුවද එම සමාගම පසුබට නොවන බව ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසනවා.

ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කොළඹ පිහිටි ලාෆ් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ පිළිබඳව සඳහන් කළා.

ලිට්‍රෝ සමාගම වෙනුවෙන් ආයතන 14 ක් අභිලාශ ඉදිරිපත් කර ඇති බවත් එසේම මෙහිදී ශ්‍රී ලාංකික ආයතනයක් හැටියට ලාෆ් සමාගමට ද සමාන අයිතිය ලැබිය යුතු බව නිරෝෂන් මහතා පවසා තිබෙනවා.

ඒ සඳහා විවෘත ටෙන්ඩරයක් කැඳවා තිබූ අතර එම අභිලාශ ඉදිරිපත් කළ සමාගම අතර තවත් ශ්‍රී ලාංකික සමාගම් දෙකක් තිබුණ ද ඒ අතරින් ගෑස් සැපයුම පිළිබඳ පළපුරුද්ද ඇති එම සමාගම ලාෆ් සමගාම බව කී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ලිට්‍රෝ සමාගම ලාෆ් සමාගමට නොදෙන්න හේතුවක් නොදකින බව ද සඳහන් කළා.

ලිට්‍රෝ සමාගම ශ්‍රී ලාංකීය ආයතනයක් මෙන්ම එහි ශ්‍රී ලාංකිකයන් 3,400 ක් පමණ සේවය කරනවා පමණක් නොව සමාගම සතුව නැව්, ගෑස් මෙටි්‍රක්ටොන් 30,000 ගබඩා කළ හැකි ගබඩාවක් හම්බන්තොට ඇති බවත් එම සමාගමේ ඩුබායිවල පිහිටි සම්බන්ධීකරණ කාර්යාලය යටතේ ගෑස් සැපයුම කළ හැකි බවත් සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩි දුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...