26 C
Colombo
Sunday, May 19, 2024

ඉන්දීය විදේශ අමාත්‍යවරයා දින දහයකට ඇමරිකාවට

- Advertisement -

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් නිල සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ තිබේ.

ඒ , එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ නියෝජනයක් සඳහා ඉන්දීය නියෝජිත කණ්ඩායමකට ප්‍රමුඛත්වය දෙමින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ජයශංකර් සැප්තැම්බර් 18-28 දිනවල එක්සත් ජනපදයේ සංචාරය කරන බව අදාළ වාර්තා වැඩිදුරටත් පවසයි.

ජයශංකර් විසින් G4 (ඉන්දියාව, බ්‍රසීලය, ජපානය, ජර්මනිය) හි අමාත්‍ය රැස්වීමකට සත්කාරකත්වය සැපයීමට මෙන්ම “බහුපාර්ශ්විකත්වය පුනර්ජීවනය කිරීම” පිළිබඳ L.69 කණ්ඩායමේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගි වනු ඇති බව සදහන් වේ.

සංචාරය අතරතුර, අමාත්‍ය ජයශංකර් Quad, IBSA, BRICS සහ ඉන්දියාව-ප්‍රංශය-ඕස්ට්‍රේලියාව, ඉන්දියාව-ප්‍රංශය-එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව-ඉන්දුනීසියාව-ඕස්ට්‍රේලියාව වැනි ත්‍රෛපාර්ශ්වික රැස්වීම්වලට ද සහභාගී වනු ඇත.

ඔහු G20 සහ UNSC සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් ද පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...