29 C
Colombo
Wednesday, June 7, 2023

ලෙබනන් වැසියන් වීදි බැස බැංකු ගිණි තබයි

- Advertisement -

ලෙබනන් විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (16) බේරූට්හි වාණිජ බැංකු කඩා ගිනි තැබූ අතර, වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ මුදල් ආපසු ගැනීම් සඳහා ඇති අවිධිමත් සීමා කිරීම්වලට සහ වේගයෙන් පිරිහෙන ආර්ථික තත්වයන්ට එරෙහිව මාර්ග අවහිර කළහ.

ඊයේ දිනයේදී ලෙබනන් පවුම නව වාර්තාගත අවම මට්ටමකට පැමිණීමත් සමඟ බැංකු 6ක් පමණ ඉලක්ක කර මෙම ප්‍රහාරය සිදු විය.

2019 සිට, ලෙබනන් බැංකු විසින් ඇමරිකානු ඩොලර් සහ ලෙබනන් පවුම් මුදල් ආපසු ගැනීම සඳහා සීමාවන් පනවා ඇති අතර, තැන්පතුකරුවන්ට බොහෝවිට සිදුවූයේ නඩුමාර්ගයෙන් හෝ බලහත්කාරයෙන් සිය මුදල් ආපසු ගැනීමටයි

2019 දී රටේ මූල්‍ය අංශයේ සිදුවූ දැවැන්ත පසුබෑමත් සමඟ ලෙබනන් පවුමේ වටිනාකමෙන් සියයට 98 කට වඩා අහිමි වී ඇත. ලෙබනනයේ අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ රටේ මූල්‍ය තත්වයන්ට පිළියම් යෙදීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි.

ලෙබනනය 2022 අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) සහනයක් ලබා ගැනීම සඳහා පළමු පියවර තැබූ නමුත්, වසරකට ආසන්න කාලයකට පසුවත්, එය අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපොහොසත් වී ඇත.

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...