29 C
Colombo
Saturday, July 27, 2024

නිරෝධායන නීති උල්ලංඝනය කළ ෂැංග්‍රිලා හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

- Advertisement -

ඉරිදා රාත්‍රියේ දිවයින පුරා දැඩි සංචරණ සීමාවන් පවතිද්දී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාට උපන්දින සාදයක් පැවැත්වීමට අවසර ලබා දීම පිළිබඳව ෂැන්ග්‍රි-ලා හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව කොටුව පොලිසිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙතැයි වාර්තා වේ.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් හෝටලයේ උපන්දින සාදයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඊයේ (31) පෙරවරුවේ පොලීසිය විසින් උත්සව සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංමාලි යන අයව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සාදයට අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු සහභාගී වී ඇති බව වාර්තා වේ.

පොලිසිය මේ වන විට පුද්ගලයන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර සීසීටීවී දර්ශන මගින් අනෙක් අය හඳුනා ගැනීමට පරීක්ෂණ පැවැත්වේ.

උත්සව සංවිධායකයන් මෙම උත්සවය පැවැත්වූයේ කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු රජය විසින් සියලු රැස්වීම්, සාද, මංගල උත්සව තහනම් කර ඇති පසුබිමකය.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...