ඇමරිකානු ජාතික සුපිරි හොලිවුඩ් නළුවෙක් වන ලියනාඩෝ ඩි කැප්රියෝ හින්දි සිනමාවේ නළුවෙක් බවට දිවයින පුවත්පත විසින් නම්කර තිබෙනවා.
ඒ අනුව අද දින (27) දිවයින පුවත්පත මගින් ලියනාඩෝ ඩි කැප්රියෝ විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් ආශ්‍රයෙන් ලියා ඇති පුවතක දක්වා තිබුණේ ඔහු බොලිවුඩ් නළුවෙක් බවයි.
මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගෙන මියයන අලි ගැන අවධානය යොමුකරමින් ලියනාඩෝ ඩි කැප්රියෝ අදාළ ට්විටර් පණිවුඩය නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් පුවතේ අන්තර්ගතය තුළ සදහන්ව තිබුණේ ඔහු හොලිවුඩ් නළුවෙක් ලෙසයි.
ලියනාඩෝ ඩි කැප්රියෝ යනු ලොව පුරා ජනප්‍රියට පත් ටයිටැනික් චිත්‍රපටයේ ‘ජැක්’ගේ චරිතය නිරූපනය කළ ප්‍රධාන නළුවාය.
ඔහු ඇකඩමි සම්මාන සහ Golden Globe සම්මාන තුනකින් පිදුම් ලැබූ විශිෂ්ඨ හොලිවුඩ් රංගන ශිල්පියෙකි.