26 C
Colombo
Friday, May 17, 2024

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා.

එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වතුකරයේ ජනතාවගේ අයිතීන් සුරැකීම තම රජයක් තුලින් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම වතු කම්කරුවන්ගේ ආර්ථික සමාජීය වටපිටාව ඉහළට ගෙන ඒමට තමා සූදානම් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

දැනට තේ වතු ආශ්‍රිතව පවතින මුඩු ඉඩම් වතු කම්කරුවන් අතර බෙදා දෙමින්, උඩරට සහ පහතරට වතු කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත් කිරිමට තම රජයක් යටතේ කටයුතු කරන බව සඳහන් කළා.

ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම් විසින් මෙම මැයි දින රැලිය සංවිධානය කර තිබු අතර , එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වි තිබුණා.

එම වේදිකාවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක එම්.උදයකුමාර් ද සහභාගි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...