24 C
Colombo
Sunday, October 1, 2023

කොවිඩ් මාරයා පැරදවීමට පෙනහලු සවිමත් කරමු

- Advertisement -

කොවිඩ් වෛරසය තම ස්වභාවය වෙනස් කරගනිමින් රෝගය ඇති කරන නිසා මාරයාගේ සෙවනැලි අප මත වැටෙමින් තිබේ.

වෛරසය පෙනහලුවලට පහරදීම මගින් ඇතිවන නියුමෝනියාව නිසා බාල තරුණ වැඩිහිටි භේදයක් නැතිව මරණය උරුම වන තත්වයක් ඇතිවෙමින් පවතියි.

අවදානම අවම කිරිමට වෛරසය පැතිරීම පාලනයට වගවිය යුතු අතර තමන් රෝගයට ගොදුරු වීම වලක්වා ගැනීමට කටයුතු කළ යුතුය.

? නිසි පරිදි නිෂ්පාදන කළ මුව ආවරණයක් නිවරදිව භාවිතා කීරීම,
? පුද්ගල දුරස්ථ බව පවත්වා ගැනීමට උත්සුක වීම,
? අනවශ්‍ය ලෙස ඒකරාශීවීමෙන් වැලකීම අනිවාර්ය වේ.

වෛරසය ඇති කරන බලපෑමට ඔරොත්තුදීමේ ශක්තිය පෙනහලුවලට තිබේ නම් යම්කිසි ආකාරයක සහනයක් ලැබෙනු ඇත.

සෑම අයෙක්ම පෙනහලු ශක්තිමත් කිරීමට අවධානය යොමු කිරීම දිවි රැකෙන්නට හේතුවක් වනු ඇත.

නයිට්රස් ඔක්සයිඩ් නැමති සංයෝගය කොවිඩ් වෛරසය විනාශ කිරීමට භාවිතා කීරීමට හැකියාව ඇති බව සොයාගෙන ඇත.

සිරුර තුළ නිෂ්පාදන වන මෙම සංයෝගයේ ජෛව බහුල බව පෙනහලු තුළ වැඩි කිරීමට හැකියාව තිබේ නම් එය ආසාදනය උත්සන්න වීම වලක්වා ගැනීමට උපකාරී වනු ඇත.

ශ්වසන ව්‍යායාම කිරීම හා නයිට්රස් ඔක්සයිඩ් නිෂ්පාදනය වැඩි කිරීමට හේතුවන පහත දැක්වෙන දේවල් වැඩි වැඩියෙන් ආහාර සමග මුසු කර ගැනීම වැදගත් වේ.

බීට්රෑට්, කොමඩු, සුදුලූණු, කොළ එළවළු, දෙලුම්, පැඟිරි පලතුරු, කලු චොකලට්, කජු හා ඇට වර්ග

ශ්වසන ව්‍යායාම

ස්වායුක ව්‍යායාම වල යෙදීම පෙනහලු ශක්තිමත් කිරීමට වැදගත් වෙයි. ශ්වසන ව්‍යායාම කිරීම අමතරව සිදුකිරීමට හැකි වේ.

  1. තෝල් තෙරපුම් ශ්වසනය

උරහිස් හා බෙල්ල සැහැල්ලු කරගන්න
වාඩි වී හෝ සිටගෙන සිදු කිරීමට හැකි ය.
නාසයෙන් හොඳට හුස්ම ඇතුලතට ගන්න. හුස්ම මදක් රඳවාගෙන සිටින්න.
ඉටිපන්දම් නිවීමේදී තොල් තබා ගන්නා ලෙස තබා ගනිමින් කටින් හුස්ම පිට කරන්න. හුස්ම ගැනීමට ගත කල කාලය මෙන් දෙගුණයක හෝ තුන් ගුණයක කාලයක් හුස්ම පිට කිරීමට ගත කරන්න. 20 වරක් පමණ සිදු කරන්න .

  1. උදර ශ්වසනය

බිම දිගා වී දණහිස් මදක් නවාගෙන හිස හා බෙල්ල සැහැල්ලු කරගන්න
වම් අත පපුව මත හා දකුණු අත උදරය මත තබා ගන්න.
දිව උඩු ඇන්දේ දත් වලට තෙරපාගෙන නාසයෙන් හුස්ම ගන්න. උදරයේ පිම්බීම අත්විඳින්න. හුස්ම මදක් රඳවාගෙන සිටින්න . උදරය හැකිලීම සිදු වන තෙක් කටින් හුස්ම පිට කරන්න. 20 වරක් පමණ සිදු කරන්න.

  1. ඈනුම හා සිනහව

අත් උරහිස් මට්ටමේ පවතින ලෙස ඔසවා ගනිමින් හුස්ම ගන්න. ඈනුමක් අරිනවා ලෙස මුඛය විවෘත කර අත් පහත හෙලන ගමන් ශබ්දය නගා සිනාසෙන්න. 10 වරක් පමණ සිදු කරන්න.

  1. හම්මින් ශ්වසනය

පහසුවෙන් වාඩි වෙන්න
බෙල්ල හා උරහිස් සැහැල්ලු කරගන්න
නාසයෙන් ගැඹුරට හුස්ම ගන්න
දිව උඩු ඇන්දේ දත් වලට තෙරපාගෙන භම්ම් යන හඩින් දිගු කාලයක් තිස්සේ හුස්ම පිට කරන්න. 20 වරක් පමණ සිදු කරන්න.
දිනකට කිහිප වතාවක් කරන්න. නයිට්රස් ඔක්සයිඩ් නැමති සංයෝග වැඩි වීම හා මනස සැහැල්ලු වීම සිදු වේ.

– වෛද්‍ය ජගත් ඇල්විටිගල –

RECENT ARTICLES - SINHALA

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

වඳවී යන අලි පරපුර

තවත් වසර පහළොවක් පමණ ගත වන විට මෙරටින් අලි තුරන් වී යෑමේ අවදානමක් පවතින බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසනවා. ස්වභාවික නොවන හේතුන් මත වාර්ෂිකව...

ඉන්ධන මිල යළි ඉහළට ?

ඔක්තෝම්බර් මාසයේදී යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඩේලි FT වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර පසුගිය මාස 02ක තුළ ද අඛණ්ඩව ඉන්ධන...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...