33 C
Colombo
Friday, May 3, 2024

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

- Advertisement -

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු නොදක්වා පොලිසිය වෙත කැදවමින් ඔවුන්ගේ කටයුතුවලට බලපෑම් කිරීම් සහ ඒ හරහා ඔවුන් බියගැන්වීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මැදිහත්වන මාධ්‍ය නීති සංසදය පවසනවා.

එම ලිපිය පහතින්,

2022/06/24
පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.
පොලිස්පතිතුමනි,

සමාජ සහ නව මාධ්‍ය ක්‍රියාකාරිකයන් වෙත බලපෑම් කිරීමේ ක්‍රියාවලිය
සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යන අයිතිවාසිකම තුළ
කැපී පෙනෙන සහ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බව අන්තර්ජාතික වශයෙන්
පිළිගැනීමට ලක්ව ඇති කරුණකි. එමෙන්ම, මෙකී මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරී ලෙස ජනතා
අදහස් සහ අවශ්‍යතාවයන් අවධානයට ලක්කරමින් කටයුතු කරන පාර්ශවයන් ද මාධ්‍ය
ක්‍රියාකාරිකයන් ලෙස අන්තර්ජාතිකව පුලුල් පිළිගැනීමකට ලක්ව තිබේ. මෙම නව තත්වයන්,
ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තිය මගින් සහතික කර ඇති භාෂණයේ සහ
ප්‍රකාශනයේ නිදහස භුක්ති විදීමට ද අදාළ සහ තීරණාත්මක බව දේශීය නෛතික ව්‍යහුයන්හි
ද පිළිගැනීමට ලක්වූ කරැණකි.

එවන් පසුබිමක, ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙකී සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ
සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය
ක්‍රියාකාරිකයන් හේතු නොදක්වා පොලිසිය වෙත කැදවමින් ඔවුන්ගේ කටයුතුවලට බලපෑම්
කිරීමේ සහ ඒ හරහා ඔවුන් බියගැන්වීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බවක් මාධ්‍ය
ක්‍රියාකාරිකයන්ගේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර
වශයෙන් මැදිහත්වන මාධ්‍ය නීති සංසදය වන අප විසින් නිරීක්ෂණය කර තිබේ.
පසුගිය කාලසීමාවේදී මංජුල බස්නායක, දර්ශන හදුන්ගොඩ, මනෝරම වීරසිංහ, තිසර
අනුරුද්ධ බණ්ඩාර වැනි සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ සිය මාධ්‍ය ක්‍රියාකාරකම් පවත්වාගෙන
යන්නන් ගණනාවක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන
අංශය ඇතුළු පොලිසියේ විවිධ අංශ වෙත කැදවා තිබිණ. ඒ සෑම අවස්ථාවකදීම එම
කැදවීම්වලට අදාළ හේතුව සදහන් කර නොතිබීම ද විශේෂත්වයකි.

මෙහි නවතම සිදුවීම වන්නේ, පුවත්පත් ගණනාවක වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු
කර ඇති, මෙරට පිළිගත් මාධ්‍ය සංවිධානයක් වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ
සාමාජිකයෙකු මෙන්ම වසර දෙකක් පමණ එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති, මේ
වන විට සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ සිය මාධ්‍ය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන තරිදු
උඩුවරගෙදර හට මේ මස 28 වනදා, එනම් 2022 ජූනි මස 28 වන බදාදා පෙරවරු 09 ට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙසට
පොලිස් පණිවිඩයක් ලැබී තිබීමයි.

තරිදු උඩුවරගෙදරගේ බණ්ඩාරවෙල පිහිටි නිවස වෙත ලැබී ඇති පොලිස් පණිවිඩයේ මෙම
පෙනී සිටීමට අදාළ කිසිදු හේතුවක් සදහන් නොවන අතර මේ සම්බන්ධයෙන් විමසීමක්
ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප
පොලිස් පරීක්ෂක මධුසංඛ නම් නිලධාරියාගෙන් විමසන ලෙසට පමණක් සදහන් කර තිබී
ඇත. ඒ අනුව තරිදු උඩුවරගෙදර විසින් , එම නිලධාරියාට ඇමතුමක් ගෙන ඒ ගැන විමසද්දී
ඔහුගේ යූටියුබ් චැනලය සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි අංශයෙන් සිදුකළ පැමිණිල්ලක්
මත වන වි රශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීමට මෙම කැදවීම සිදුකර ඇති බව දැනුම් දී
ඇත.

සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ සිය මාධ්‍ය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන්
මේ අන්දමට දිගින් දිගටම හේතු දැක්වීමකින් තොරව පොලිසියට කැදවීම භාෂණයේ සහ
ප්‍රකාශනයේ නිදහසටත්, පොදුවේ ජනමාධය නිදහසටත් බලපෑමක් ඇති කරන වහා අවධානය
යොමු විය යුතු ගැටලුවක් බව අපට යළිත් අවධාරණය කිරීමට සිදුව තිබේ.
බැවින් මාධ්‍යයට අදාළ නව ප්‍රවණතා හදුනාගෙන සමාජ සහ නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ
අයිතීන් පිළිගන්නා ලෙසත්, ඔවුන්ට පොලිසිය විසින් විවිධ බලපෑම් සහ මැදිහත්වීම් සිදුකිරීම්
හරහා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට හානිකිරීමේ කටයුතුවලින් වළකින ලෙසත් අපි
අවධාරණය කර සිටිමු.
ස්තුතියි,

නීතීඥ විරංජන හේරත් – සභාපති මාධ්‍ය නීති සංසදය – 0718602369
නීතීඥ ප්‍රබෝධ රත්නානයක – මෙහෙයුම් අධ්‍යක්ෂ මාධ්‍ය නීති සංසදය
පිටපත්:
01 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
02 ජනමාධ්‍ය අමාත්‍ය
03 ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යංශය
04 ශ්‍රී ලංකා නීතිඥ සංගමය

RECENT ARTICLES - SINHALA

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...