25 C
Colombo
Monday, May 20, 2024

අර්ජුන් ඇලෝසියස්ට යළිත් දුන් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය යළි අහෝසි කරයි

- Advertisement -

අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් W.M.මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2018 ජනවාරි සිට රුපියල් බිලියන එකයි දශම පහකට අධික බදු ප්‍රමාණයක් නොගෙවීම හේතුවෙන් W.M.මෙන්ඩිස් සහ සමාගමට අයත් මත්පැන් ස්කාගාරයේ බලපත්‍රය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා තිබුණා.

කෙසේ වෙතත් හිඟ බදු මුදල්, වාරික ගෙවීම් මඟින් ගෙවා දැමීමට සමාගම එකඟ වූ බැවින් මත්පැන් නිෂ්පාදනය කිරීමේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදුන් බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා සිටියා.

සුරාබදු දෙපාර්තමේන්තුව අයත් වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය ධූරය දරණ මුදල් අමාත්‍යාංශයට වීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...