28 C
Colombo
Saturday, May 4, 2024

චීනයේ හෙනාන් පළාතේ 90%කට කොවිඩ් වැළඳිලා

- Advertisement -

චීනයේ තුන්වන වඩාත්ම ජනාකීර්ණ පළාත වන හෙනාන්හි වැසියන්ගෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වේ.

මධ්‍යම හෙනාන් පළාතේ සෞඛ්‍ය කොමිසමේ අධ්‍යක්ෂවරයා ජනමාධ්‍ය හමුවකදී අනාවරණය කර ඇත්තේ 2023 ජනවාරි 06 වැනිදා වන විට පළාතේ කොවිඩ් ආසාදන අනුපාතය 89% ක් බවයි.

සංඛ්‍යාලේඛනවලට අනුව හෙනාන්හි ජනගහනය මිලියන 99.4කි. ඒ අනුව එම පිරිසෙන් මිලියන 88.5 ක පමණ ජනතාවක් දැන් ආසාදිතයන් බවට පත්ව තිබේ.

පළාතේ සෞඛ්‍ය කොමිසමේ අධ්‍යක්ෂවරයාට අනුව පළාතේ උණ සායන වෙත රෝගීන් පැමිණීම පසුගිය දෙසැම්බර් 19 වන දින උපරිමයට පත් වී ඇත.

රට තුල පැනනැගුණු ඓතිහාසික විරෝධතා රැල්ලකින් පසුව, පසුගියදා චීනයේ දේශසීමා විවෘත කිරීම රටේ ශුන්‍ය-කොවිඩ් නීති අවසන් කිරීමේ අවසාන පියවර වූ අතර එය විශාල කොවිඩ් ආසාදන රැල්ලකට තුඩු දී ඇත.

මේ මස අගදී චීනය නව වසර සමරන විට කොවිඩ් රෝගීන් තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ චීනය රෝගීන් සංඛ්‍යාව අඩුවෙන් වාර්තා කරන බවයි. අන්තර්ජාතික සෞඛ්‍ය විශේෂඥයින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට රටේ මිලියනයකට වැඩි පිරිසක් මෙම වසරේදී කොවිඩ් ආසදිතව මිය යා හැකි බවටය.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...