31 C
Colombo
Monday, March 4, 2024

ජාත්‍යන්තර ගැටළුවක් වූ සිංහ ධජ පාපිස්නාව

- Advertisement -

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, ‘Sri Lanka Flag Non-Slip Doormat’ ලෙසින් Amazon වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට තිබූ පාපිස්නාවක් පිළිබඳව පසුගිය දින කිහිපයෙහි දැඩි කතාබහකට ලක්වුණා.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ අදාල පාපිස්නාව Amozon වෙබ් අඩවිය හරහා අලෙවි කිරීමට කටයුතු කර ඇත්තේ චීනයේ නිෂ්පාදකයෙක් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නාවක් ලෙසින් දැක්වෙන වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, ඒ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර තිබෙනවා.

එමෙන්ම, ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් ලබාදුන් බවද වාර්තා වනවා.

මේ අතර චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (13) නිවේදනය කළේ ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි අලෙවි කිරීමට ඇති දැන්වීම සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට Amozon ආයතනය කටයුතු කර ඇති බවයි.

මේ අතර චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ ඕනෑම රට ජාතික ධජය එරට සංකේතයක් බව චීනයේ ස්ථාවරය බවත් එයට සම්පූර්ණයෙන්ම ගරු කළ යුතු බවත්ය.

අදාල සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීම හා ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ චීන බලධාරීන් වෙත දැනුම් දී ඇති බවත් විවිධ රටවල වෙළෙන්දන් විසින් නිෂ්පාදනය කරනු ලබන විවිධ ජාතීන්ගේ ධජ සහිත සමාන නිෂ්පාදන දහස් ගණනක් ඇමසන් වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවද තානාපති කාර්යාලය පවසයි.

ද්විපාර්ශ්වික ක්‍ෂේත්‍රවල හෝ ජාත්‍යන්තර වේදිකාවලදී කුමක් වුවත්, දශක ගණනාවක් තිස්සේ චීනය ශ්‍රී ලංකාවේ සාමය, සමෘද්ධිය සහ ගෞරවය වෙනුවෙන් ගරු කරමින් සහයෝගය ලබා දී ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු 5කට තුවාල

දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික...

සමන් රත්නායක යළිත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මීට සුළු වේලාවකට පෙර අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. පසුගිය මාර්තු 1 වන දින...

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ගැන විශේෂ සාකච්ඡාවක්

බස්නාහිර හා සබරගමුව පළාත්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වනු ලබනවා. ඒ, අදාළ පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන්. ප්‍රශ්න...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...