25 C
Colombo
Sunday, May 19, 2024

Breaking : ලිට්‍රෝ සභාපති දොට්ට

- Advertisement -

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට මුතුරාජවෙල – මාබිම ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වන
පසුබිමක මෙම ඉවත් කිරීම සිදුකර තිබීම විශේෂත්වයක්.

තෙෂාර ජයසිංහ මහතා ජනාධිපතිවරයාගේ ‘වියත්මග’ වැඩසටහනෙහි සාමාජිකයෙක්ද වනවා.

සංයුතිය වෙනස්කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ගෑස් ලිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ශ්‍රිත සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව නිසි අයුරින් දැනුවත් නොකිරීම සහ දිගින් දිගටම ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාධ්‍ය මගහැර සිටීම හේතුවෙන් ඔහු දැඩි අප්‍රසාදයට ලක් වුණා.

කෙසේවෙතත් , ජනාධිපති ලේකම් කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තෙෂාර ජයසිංහගේ ඉවත් වීම හරහා හිස්වන
සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...