දෙසැම්බර් 24 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා දිස්ත්‍රික් අතර සංචාරක සීමා පනවා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසත් දිස්ත්‍රික්ක අතරද සංචාරය සීමාකරන ලෙස රජයට යෝජනා කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
බස්නාහිර පළාත තුළ කොවිඩ් අවදානම සීමාවෙන් එහා පැන ඇති බව දැන දැනත් ජනතාව කඩසාප්පුවලට එක්වී සිටින නිසාත්, ඉන්පසුව උත්සව සමයේ වෙනත් දිස්ත්‍රික්ක හරහා සංචාරය කිරීම සිදුවිය හැකි නිසාත් විශේෂයෙන් බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස දන්වා ඇත.
එය සිදු නොකළහොත් ඉදිරි වසර ආරම්භයේදී කොවිඩ් තත්ත්වය බරපතළ විය හැකි බව උපුල් රෝහණ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ දෙසැම්බර් 19 දින මාධයට අදහස් දක්වමිනි.