28 C
Colombo
Sunday, October 1, 2023

ජනාධිපති අවට සිටින කේවට්ටයන් ඉවත් කරන්න..! – මුරුත්තෙට්ටුවේ හිමි

- Advertisement -

පී.බී. ජයසුන්දර වැනි පුරෝහිතයින්, කේවට්ටයින් සමඟ ජනාධිපතිවරයාට සිය ඉලක්කයට යා නොහැකි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.

ඒ, ඊයේ (11) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මහතා විනාශ කළ ආචාර්ය පී.බී. ජයසුන්දර ඉවත් කරන ලෙස වත්මන් ජනාධිපතිතුමාට කොතෙක් කීවද එය ඉටු නොවුණු බවයි උන්වහන්සේ පවසන්නේ.

රටට වෙමින් තිබෙන විපත දෙස නිදිගැට හැර බලන ලෙසත් මුල් අදියරේ වසංගතය පාලනය කළ අනිල් ජාසිංහ, අමල් හර්ෂ ද සිල්වා, ජයරුවන් බණ්ඩාර වැනි අය ඉවත් කළේ එවැනි කේවට්ටයින්ගේ කතා අසා නම් යළි වහාම ඔවුන් කැඳවා මේ වගකීම ඔවුන්ට භාරදෙන ලෙසත් උන්වහන්සේ අවධාරණය කර ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සුදු ඉර මතදී හෙදියට වූ හදිය

පදික මාරුවෙන් ගමන් කරමින් සිටි ගැබිනියකගේ අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබු ගැබිනිය මේ වනවිට කොළඹ ජාතික රෝහලට...

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...