ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) දහවල් කොළඹදී පැවැත්වෙනවා.
එහිදී දේශීය සහ විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙක් වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙක් දේශීය ක්‍රීඩකයින් වනවා.
කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඩොලර් 500,000 බැගින් ඩොලර් මිලියන 2.5ක් යෙදවනු ඇති.
එක් එක් කණ්ඩායම් මේ වනවිට කොන්ත්‍රාත් අත්සන් කර ඇති සහ රඳවා ගන්නා ක්‍රීඩකයින් වන්නේ,
කොළඹ
චාමික කරුණාරත්න, තිසර පෙරේරා, සදීර සමරවික්‍රම, නිපුන් ධනංජය, ශඩාබ් ඛාන්, ග්ලෙන් පිලිප්ස්
දඹුල්ල
ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, මුස්ටෆිසූර් රහමන්, ඉබ්‍රාහිම් සද්‍රාන්
ගාල්ල
භානුක රාජපක්ෂ, ලසිත් කෘෘස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, මහීෂ් තීක්ෂණ, ටීම් සයිෆර්ට්, ඇලෙක්ස් හෙල්ස්
යාපනය
කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත්, අමතුල්ලා ඔමර්සායි, නූර් අහමඩ්
නුවර
වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, ඇන්ද්‍රේ ෆ්ලෙචර්, කයිල් මේයර්ස්