29 C
Colombo
Friday, June 2, 2023

කොතලාවල පනතට එරෙහි විරෝධතාවය වළක්වන්නැයි පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් විසින් අද (02) කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ පැවැත්වීමට නියමිතව උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ප්‍රතික්ෂේප කළා.

ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර තිබෙන යම් සෞඛ්‍ය මාර්ගෝපදේශයක් කිසියම් පුද්ගලයකු විසින් උල්ලංඝනය කරන්නේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලතල තිබෙන බවයි.

එහෙත් උද්ඝෝෂණය කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර ඇති බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය උපයෝගී කරගනිමින් එම අයිතිය යටපත් කරන්නට යාමෙන් රටත් රජයත් දැඩි අපහසුතාවයකට පත් වනු ඇති බවයි ඔහු පෙන්වාදී ඇත්තේ.

කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව මහාචාර්ය ජේ. එන්. ආනන්ද ජයවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් යුතුව ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමට සූදානම් වන බවත් නිරෝධායන නීතියට පටහැනිව සිදුකිරීමට යන එම උද්ඝෝෂණය වැැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලමින් පොලිසිය විසින් මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත්කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...