29 C
Colombo
Saturday, July 27, 2024

මහර බන්ධනාගාර නිලධාරීන්ට පීසීආර් වෙනුවට පැණි ඇණවුමක්

- Advertisement -

මහර බන්ධනාගාරයේ කොවිඞ් වයිරසය පැතිර යාමෙන් පසුව රාජකාරියේ නියුතු නියාමකයන් සියලු දෙනාටම පී.සී.ආර් පරීක්ෂාවක් නොකිරීම නිසා ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව සිටිතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


එකවර පී.සී.ආර් පරීක්ෂාවක් නොකොට දැනට කීපදෙනා බැගින් පරීක්ෂාවට ලක්කරමින් ඇතැයි ද එහිදී ආසාදිත බවට තහවුරු වන අනුපිළිවෙලට එකිනෙකා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකරමින් ඇතැයි එහි ප්‍රකාශකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.


මේ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයාට නියාමකවරුන් අවස්ථා ගණනාවකදීම පැමිණිලි කළත් ඔහු එකවර පී.සී.ආර් පරීක්ෂාවක් කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ සියලු දෙනා ආසාදිතයන් බවට වාර්තා වුවහොත් රාජකාරි කිරීමට ශ්‍රම බලයක් නැතැයි කියමිනි.


බන්ධනාගාර අධිකාරිවරයා නියාමකයන්ට වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා හෙළ වෛද්‍යවරයකු නිපදවා ඇතැයි කියන පැණියක් ඇණවුම් කර ඇති බවත් නියාමකයන්ට එය ලබාදෙන බවත්ය.
මේ වනවිට නියාමකයන් බොහෝ දෙනකු කොරෝනා රෝග ලක්ෂණ පහළ කරමින් සිටින්නේ යැයි ද අදාළ කාරණය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමට ද පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...