29 C
Colombo
Saturday, July 27, 2024

මහර රැඳවියන්ට හරියට කන්න නෑ, උද්ඝෝෂණ සාධාරණයි – වාර්තාවේ කරුණු මෙන්න

- Advertisement -

‍පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද මහර බන්ධනාගාර ගැටුම පිළිබඳ වාර්තාවෙහි ඇති කරුණුවලින් තහවුරු වෙන්නේ ආණ්ඩුවේ ඇතැම් නායකයන් කී ප්‍රකාශවල පදනමක් නොමැති බවය. මෙම ගැටුම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නොවේ. බන්ධනාගාර ගත රැඳවියන්ගේ සාධාරණ ඉල්ලීම් මත සිදු වූ උද්ඝෝෂණයක් නිසා ඇති වූවකි. වාර්තාවෙන් පෙනී යන ආකාරයට උද්ඝෝෂණයට හේතු වී තිබුණේ බන්ධනාගාර ඇතුළට වසංගතය පැමිණීමත්, ඉන්පසු හරි පියවර නොගැනීමත් ඇතුළු ප්‍රශ්න වේ.


– බන්ධනාගාරයේ ආහාර නුසුදුසු බව.
– රැඳවියන් උද්ඝෝෂණ පටන්ගත්තේ සාධාරණ ලෙස වසංගතයෙන් තමන්ට ආරක්ෂාව ඉල්ලමින් බව.
– නිලධාරීන් වෙඩි තබා ඇති බව සහ වෙඩි වැදී ඇති බව.
මෙතැනින් පසු තිබෙන්නේ වාර්තාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. මෙම ගැටුම ආරම්භ වී ඇත්තේ පරිපාලනයේ දුර්වලතා නිසා බවත්, වෙඩි තැබීම් සිදුව ඇති බවත් තහවුරු කෙරෙන කොටස් උපුටා ඇත. වරහන් ඇතුළත තිබෙන්නේ අපගේ අදහස්ය.

වාර්තාවේ කරුණු-

(තුන් ගුණයක් රඳවලා)
‘මහර බන්ධනාගාරය තුළ මුළු රැඳවියන් සංඛ්‍යාව 2782 වූ අතර ඉන් රිමාන්ඞ් රැඳවියන් 2148ක් පමණ වූ බවට අනාවරණය විය. ඉතිරි අය දඬුවම් විඳින සිරකරුවන් වේ. මහර බන්ධනාගාරය තුළ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයක ප්‍රමාණයක් ඒ වන විට රඳවා තිබූ බව හෙළිදරව් විය.’


(වැලිකඩින් කට්ටිය ගෙනත්)
‘වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා තිබුණු වෙනත් රෝගවලින් පෙලුණු 112 දෙනෙක් මහර බන්ධනාගාරයේ පිහිටි බන්ධනාගාර රෝහලට මාරු කර යැවීමට ගෙන තිබූ තීරණයක් මත, මහර බන්ධනාගාර රෝහලේ සහ එම පරිශ්‍රයේම වෙනතක් ස්ථානයක රැඳවීමට කටයුතු කර ඇති අතර, බෝගම්බර රිමාන්ඞ් බන්ධනාගාරයේ පිරිසක්ද ගෙනවිත් මහර බන්ධනාගාරයෙන් පිටත තිබූ ‘කොරි’ අංශයේ රඳවා තිබූ බවටත් අනාවරණය විය.’

(1000කින් 180කට කොවිඞ්)
‘මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට කොවිඞ්-19 රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා පීසීආර් පරීක්ෂණ 1000කගේ පමණ නොවැම්බර් මස 25 සහ 27 දිනවයන්හි දී සිදු කර තිබූ බවටත්, එහි ප්‍රතිඵල 28 වැනිදා සවසත්, 29 වනදා උදේත්, ලැබී තිබුණු බවටත්, එහිදී නිලධාරීන් 06 දෙනෙකුට සහ රැඳෙවියන් 180කට පමණ කොවිඞ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබුණු බවටත් අනාවරණය විය.


(ඒ බව කට්ටිය දැනගෙන)
‘එපමණක්ද නොව ඉහත කරුණු නිල නොවන අන්දමට රෝහලින් පිටතටත් රැඳවියන් අතරටත් පත්ව තිබූ බව අනාවරණය විය. මේ පිළිබඳව රැඳවියන් අප්‍රසාදයකින් හා බියකින් සිටි බවට වාර්තා විය. එසේම එල් වාට්ටුවේද කොවිඞ්-19 වැළඳුණු එක් අයෙකුද සිට ඇති අතර, එල් වාට්ටුව ඇතුළු ඇතැම් වාට්ටුවලද උණ රෝගය වැළඳුණු රෝගීන් පිරිසක් සිටි බවට සාක්ෂි ඉදිරිපත් විණි. ඔවුනට බන්ධනාගාර රෝහලෙන් රෝගය විමසා පරීක්ෂා කිරීමකින් තොරව පැනඩෝල් ලබා දී තිබුණි.

(සාධාරණ ඉල්ලීම්)
‘රැඳවියන් 1000කට වැඩි විශාල පිරිසක් එක් රැස්ව උද්ඝෝෂණ කර ඇත. උද්ඝෝෂණයේදී ඉදිරිපත් කර තිබූ ප්‍රධාන ඉල්ලීම් ලෙසට දක්වා තිබුණේ,
ඇප ලබා දී තිබූ රැඳවියන් නිවෙස් වලට යැවීම ප්‍රමාද වී තිබූ හෙයින් තවදුරටත් රිමාන්ඞ් බන්ධනාගාරය තුළ රඳවා තබා නොගෙන නිවෙස්වලට යැවීම කරන ලෙසට.
කොවිඞ්-19 රෝගය සඳහා සියළුම රැඳවියන්ට පීසීආර් පරීක්ෂණ කරන ලෙසට.
කොවිඞ්-19 රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙසට.


අනුභව කළ හැකි අන්දමට සුදුසු ආහාර ලබා දෙන ලෙසට.’
(ඉන්පසුව යම් දුරකට විස්තර කර ඇත්තේ රැඳවියන් කලහකාරී ලෙස හැසිරුණු බව, එකිනෙකාට පහර දීගත් බව ආදී කරුණුය. රිවර්ස් නම් පෙත්තක් ගැන කිසිදු සඳහනක් නැත. ඩල්සිෆාම් නම් පෙති වර්ගය පානය කළ බව සඳහන්ය. කිසිදු ඖෂධ වර්ගයක පෙති 21,000ක් ගැන නිශ්චිත සඳහනක් නැත.)


(වෙඩි තියලා)
‘බන්ධනාගාර නිලධාරීන් විසින්,
01. ප්‍රධාන ගේට්ටුව දෙසට රැඳවියන්ට පැමිණිය නොහැකි අන්දමට ඇතුළත ගේට්ටුව වසා ආරක්ෂා කොට රැඳවියන්ට බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි අන්දමට රැකවල් යොදා ඇත.


02. රැඳවියන්ට දෙසට කඳුලු ගෑස් විසි කර ඇත.


03. බිය ගැන්වීමට අහසට වෙඩි තබා රබර් බුලට් වලින් හා පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහකාරී තත්වය මර්දනය කිරීමට වෙඩි තබා ඇත.’


(කාටවත් වෙඩි නොවැදුණු කතාව බොරු)
‘පළමු අවස්ථාවේදී එක් රැඳවියෙකුගේ උරහිසට වෙඩි වැදී තුවාල වී ඇති අතර පිරිස දෙපසට විසිරී ගොස් ඇත.’


(වතුර ඉල්ලද්දීත් වෙඩි)
‘30 වන දින සවස් භාගයෙහිද රැඳවියන් අකුලන ගේට්ටුව අසලට පැමිණ ප්‍රකෝපකාරීව කලබල සිදු කර අත. රැඳවියන් වතුර ඉල්ලා ද කෑ ගසා ඇත. එම අවස්ථාවේදී ද නිලධාරීන් විසින් කලහකාරී පිරිස පාලනය කිරීම සඳහා වෙඩි තබා ඇත. ඒ හේතුවෙන් කිහිප දෙනෙකුට වෙඩි වැදී ඇත.’


‘වෙඩි වැදුණු රැඳවියන්ට ආසන්නයේ සිට වෙඩි තැබීමක් සිදු කලාද යන්න නිගමනය කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුවයි. මේ අවස්ථාව වන විට එය පවත්වා නැත.’

නිරීක්ෂණ


01. මෙම සිද්ධියට පෙර කොවිඞ්-19 රෝගය මහර බන්ධනාගාර රැඳවියන් අතර තිබූ බවට වාර්තා නොවූවත්, මේ සිද්ධිය වූ දින දහවල් කාලයෙහි කොවිඞ්-19 වැළඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඞ් බන්ධනාගාරයෙහි සිටින බවට රැඳවියන්ට දැනගන්නට ලැබීමෙන් පසුව,

– රිමාන්ඞ් බන්ධනාගාරය තුළ තිබූ දැඩි තදබදය නිසාත්,
– රැඳවියන් අතර උණ රෝගය පැතිර තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවධානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවට පත්ව, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ කරන්නට පටන්ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වේ. බන්ධනාගාර නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වේ.


02. එම අවස්ථාවේ රිමාන්ඞ් සැකකරුවන් අතර සිටි විවිධ අපරාධයන්ට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටි විවිධ කල්ලි මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුනොවුන්ගේ පෞද්ගලික කෝන්තර සහ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කල්ලි ගැසී එකිනෙකා අතර දරුණු අන්මේ පහර දීම් සිදු කර තිබූ බවට නිරීක්ෂණය විය.


03. රැඳවියන් විසින් බන්ධනාගාර දේපළ සහ ලිපි ලේඛනවලට ගිනි තබා, ආයතනය ගොඩනැගිලි කඩා බිද දමමින් විශාල හානියක් සිදු කර ඇති බව පැහැදිලිව නිරීක්ෂණය විය.


04. මෙම ගැටුම සිදු වූ අවස්ථාවේදී රැඳවියන් සතුව පරිශ්‍රයෙන් සොයාගත් ගල්, මුගුරු, යකඩ පොලු, මන්න, කඩු, පිහි මෙන්ම ගිනි තැබීම සඳහා බොයිලේරුවෙන් තබා ගත් තෙල්ද තිබී ඇති මුත් කිසිවෙකු අත ගිනි අවි තිබී නැත. ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සන්තකයේ බවත්, ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඔවුන් පමණක් බවත් කමිටුවේ නිරීක්ෂණයයි.


(ඉහත කී නිර්දේශයෙන් පෙනී යන්නේ මෙතෙක් කාලයක් මන්න, කඩු, පිහි ආදිය බන්ධනාගාරය ඇතුළට ගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් ඉඩ හැර ඇති බවයි.)


05. මෙම ගැටුම 29 වන දින සවස ආරම්භ වී රාත්‍රී කාලයේද 30 දින සවස් භාගයේද තිබී ඇති අතර, ඇතැම් රැඳවියන් බන්ධනාගාර රෝහලෙන් පැහැරගත් විවිධ පෙති වර්ග පානය කර තිබූ බවටත් ඉන් අනතුරුව දරුණු ගැටුම්වලට සහභාගී වී තිබූ බවටත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවලින් නිරීක්ෂණය විය.


06. මේ අතරතුර ජලනල කැඩී තිබූ නිසා ජල සැපයුමද 30 වන දින ආහාර සැපයුදම අඩාල වී තිබී ඇත.


07. මෙම සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවට සහ,


08 මේ වන විට මියගිය එකොළොස්දෙනාගෙන් දෙදෙනෙකුගෙන් මල සිරුරු හඳුනාගෙන ඇති බවටත්, උගත් මහේස්ත්‍රාත්වරයා විසින් මරණ පරීක්ෂණ පැවැත්වීමටත්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට තොරතුරු වාර්තා විය.


තවදුරටත් නිරීක්ෂණය කරනු ලැබුවේ.


– රැඳවියන්ට පීසීආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව.
– ආහාර, ජලය, විදුලිය සැපයීම යථාවත් කර ඇති බව.
– අධිකරණවලින් ඇප ලබා දී හෝ දඩ ගෙවා ඇති සියළුම අයවළුන් අධිකරණ නියෝග ලැබුණු වහාම බන්ධනාගාරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම ප්‍රමාද වී ඇති බව.
– සිරකරුවන්ට සහ සැකකරුවන්ට සිය ඥාතීන්හට දුරකථන පණිවිඩ ලබා ගැනීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කොට ඇති බව,
(ඉහත කී දේවල් කලින්ම කළා නම් ගැටුම ඇති නොවන්නට ඉඩ තිබුණි.)
– දැනට රිමාන්ඞ් බන්ධනාගාර නිළධාරීන්ගේ පාලනය යටතේ පවතින බව.

නිර්දේශ

පොලිසියට දී ඇති උපදෙස් මත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු දඩ ගෙවා හෝ වැඩිපුර වාර්තා මගින් ඇප මත මුදා හරින රැඳවියන් හැකි පමණන් පීසීආර් පරීක්ෂණයට ලක් කර කොවිඩ් 19 වසන්ගතය ආසාදනය වූවන් සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීමටත් අනෙකුත් රැඳවියන් තම තමන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීම නොකඩවා බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට වහාම පියවර ගත යුතුය.

මහර බන්ධනාගාරයේ දීර්ඝ කාලිනව පවතින නිලධාරී හිඟය නැති කිරීම සඳහා නිලධාරී සංඛ්‍යාව වැඩිකිරීමට වහාම පියවර ගත යුතු බව

අමුත්තන් මුණ ගැසීමට ඉඩ නොදෙන කාල සීමාවේදී සුභ සාධක මධ්‍යස්ථාන හරහා ආහාර ඇතුළු අවශ්‍ය දේ රැඳවියන්ට ලබා දීමට විධීමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව

දෙනු ලබන ආහාරවල තත්වය අනුභව කිරීමට සුදුසු ආකාරයට පවත්වාගෙන යාමට පියවර ගත යුතුය.

කොවිඩ් 19 වෛරසය හැර වෙනත් රෝග තත්වයෙන් පෙළෙනා රැඳවියන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දිය යුතු බව

දූරකථන පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව වැඩිකර රැඳවියන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දිය යුතු බව

ඇප තබා ගැනීමට නොහැති රැඳවියන් සම්බන්ධව බන්ධනාගාරය මගින් මෝෂන් පත්‍ර ගොනු කර ඔවුන්ට පුද්ගලික ඇප මත නිවෙස්වලට යාමට කඩිනම් පියවර ගැනීම කළ යුතු බව

සිරදඬුවම් විදිමින් සිටින අයගේ කාල සීමාව සලකා බලා වයස්ගත අයට මුල් තැන දෙමින් සිර ගෙදරින් පිටවීමට ක්‍රමවේදයක් වහාම ක්‍රියාවට නැංවිය යුතු බව

රජයේ දේපලවලට හානි කිරීම ඇතුළු පරාධ ක්‍රියාවන් සිදු කර රැඳවියන්ට එරෙහිව පොලිස් පරීක්ෂණ කඩිනමින් සිදු කර විශේෂඥ වාර්තා වහාම ලබාගෙන නීතීපතිවරයා හරහා නඩු පැවරිය යුතු රැඳවියන්ට ඉක්මනින් බඩු පැවරීමට කටයුතු කිරීම

නිලධෘරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියා සම්බන්ධව පරීක්ෂණවලින් හෙළිදරව් වීමක් ගැන මෙම අවස්ථාවේදී කමිටුවට මතයක් ප්‍රකාශ කළ නොහැකි අතර , වඩාත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ලබාදීමේදී ඒ ගැන අවධානය යොමු කරනු ඇත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...