29.3 C
Colombo
Saturday, April 13, 2024

මහර බන්ධනාගාර රැඳවියන් 120කට නඩු

- Advertisement -

මහර බන්ධනාගාර ගැටුම අතරතුරදී දේපළවලට හානි සිදු කළ සැකකරුවන් 120 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

රාජ්‍ය දේපොළවලට හානි කිරීමේ චෝදනාව යටතේ එසේ නඩු පැවරෙන අතර එම ගැටුමෙන් සිදුවී ඇති දේපළ හානිය රුපියල් කෝටි 6කට අධික බව බන්ධනාගාර පරිපාලන විසින් පෙන්වාදෙනවා.

එමෙන්ම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ මෙම රැඳවියන් අතුරින් 116 දෙනෙකු රිමාන්ඩ් සිරකරුවන් වන අතර සෙසු 4 දෙනා සිරකරුවන් බවයි.

බන්ධනාගාරය තුළ පසුගිය නොවැම්බර් 29වන දා ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් එහි ගොඩනැගිලි කිහිපයකට ඖෂධ ගබඩාවට, ලේඛනාගාරය ඇතුළු දේපළ රැසකට දැඩි අලාභ හානි සිදු වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

වෘෂණ කෝෂ තලපු පොලිස් නිලධාරීන්ට දේශබන්දුගෙන් දොස්

0
පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී සීමාව ඉක්මවා බලය පාවිච්චි කළහොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව වගඋත්තර බඳින්නට සිදුවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඔහු මෙම අදහස් පළ...

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු මරුට

ගලහ, නිල්ලඹ යෝගලෙච්චමී වත්තේදී ඊයේ (12) පුද්ගලයෙක් සිය බාල සොහොයුරාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස සිය සොහොයුරා​ව ඝාතනය කර ඇත්තේ, ඉඩම් ආරවුලක්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...