28 C
Colombo
Saturday, July 27, 2024

මහර ගැටුම ගැන හොයන්න කමිටු 4ක්

- Advertisement -

මහර බන්ධනාගාරය තුළ ඇති වු ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු 4ක් පත් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.

දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්‍ෂණයක් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පත්කළ බන්ධනාගාර කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව, බන්ධනාගාර කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්කළ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව, අධිකරණ ඇමතිවරයා පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව හා ඊට පරිබාහිරව ස්වාධීන පරීක්‍ෂණයක් කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පත් කළ කමිටුව මෙම කමිටු හතර වන බව ගම්මන්පිල මහතා පැවසීය.

බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමට හේතු මොනවාද, ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ආදිය එම කමිටු මගින් සොයාබැලෙන බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...