27 C
Colombo
Sunday, March 26, 2023

පෙතිවලින් මනස විකෘති වෙන්නෑ – මනෝ වෛද්‍ය විශේෂඥයන්

- Advertisement -


මානසික රෝගීන් සඳහා ලබාදෙන පෙති පානය කිරීමෙන් හිංසාකාරී හැසිරීම් ඇති විය හැකි බවට මාධ්‍යවල පළවෙන අදහස් පිළිගත නොහැකි බව ශ්‍රී ලංකාවේ මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් ආයතනය නිවේදනයකින් ප්‍රකාශ කර ඇත.


මහර බන්ධනාගාරයේ තිබුණු මානසික රෝගීන් සඳහා පාවිච්චි කරන පෙති 20,000ක් පමණ සිරකරුවන් පානය කර ඇති බවත්, හිංසාකාරී හැසිරීම් එයින් පසුව ආරම්භ වී තිබෙන බවත් සිදු කර ඇති ප්‍රචාරයන්ට පිළිතුරු දෙමින් එම නිවේදනය නිකුත් කර ඇත.


‘මේ ප්‍රචාරය කිසිම තාර්කික පදනමක් නැති එකක්. එමෙන්ම කණගාටුදායක එකක්. මෙවැනි ඖෂධ පාවිච්චි කරන මිලියන ගණනක් වන පොදු ජනතාවගේ බිය දුරු කිරීම සඳහා අපි මේ ප්‍රකාශය සිදු කරනවා.’ එම විද්වත් ආයතනයේ නිවේදනයෙහි එසේ සඳහන්ය.


‘ශ්‍රී ලංකාවේ මානසික රෝග සඳහා පාවිච්චි කරන ඖෂධ ලෝකය පුරා පාවිච්චි කරන ඒවා. ඒවා නියාමන ආයතනවල නිරීක්ෂණය යටතේ සමාජගත කර තිබෙනවා. පසුගිය දශක හතක් තිස්සේ මෙම ඖෂධ රෝගීන් සඳහා විශාල සහනයක් බවට පත් වුණා. මේ කිසිදු ඖෂධයක් දරුණු, ප්‍රචණ්ඩ, හිංසාකාරී හැසිරීම් සඳහා හේතු වෙන්නේ නැහැ. ඇත්තටම මේ ඖෂධ වර්ග බොහොමයක් පානය කළාම ප්‍රචණ්ඩ ගතිය අඩු වෙනවා.’ එම නිවේදනයේ වැඩිදුරටත් එසේ සඳහන්ය.

සාමාන්‍යයෙන් මානසික රෝගීන් සඳහා ලබාදෙන ප්‍රතිකාරවලින් රෝගියාගේ කලබලකාරී ගතිය අඩු වේ. මානසික රෝගීන් තවත් කලහකාරී බවට පත් කරන බෙහෙත් වර්ග මානසික රෝග පවතින පුද්ගලයන්ට ලබා දෙන්නේ නැත. දේශපාලන වුවමනා නිසා සිදුකරන මෙවැනි ප්‍රචාරවලින් විය හැක්කේ මානසික රෝග පවතින පුද්ගලයන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පුද්ගලයන්ගේ බියක් ඇති වීමය.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...