35 C
Colombo
Tuesday, February 27, 2024

මුතුරාජවෙල විනාශයට එරෙහි විරෝධතාවය නිසා මහින්ද ජයසිංහ අත්අඩංගුවට

- Advertisement -

බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ බෝපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුතුරාජවෙල තෙත් බිම විනාශ කිරීමට එරෙහිව අද මධ්‍යහ්නයේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ජා-ඇල, බෝපිටිය මංසන්ධියේදී ආරම්භ කෙරුණු මේ උද්ඝෝෂණයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව එහි පැමිණි පොලිස් නිලඛධාරීන් දැනුම් දී තිබේ. ඉන්පසු රැස්ව සිටි පිරිස විසුරුවා හැර, හිටපු මන්ත්‍රීවරයා අදාළ ප්‍රදේශයෙන් පිටතට යමින් සිටියදී පමුණුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අදාළ ව තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙදෙනාම මේ වන විට බෝපිටිය පොලිසියේ රඳවාගෙන සිටී. නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ මේ දෙදෙනා අද පස්වරුවේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

RECENT ARTICLES - SINHALA

ව්‍යවසායකයින් ශක්තිමත් කරන්න ණය යෝජනා ක්‍රමයක්

ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. රජය පවසන්නේ සුළු හා මධ්‍ය...

සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

නොරෝච්චෝල - කරඹ ප්‍රදේශයෙ සිය සැමියාගේ පහර කෑමට ලක්වී බිරිඳ අද (27) මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, නොරෝච්චෝල...

දස දහසක අල්ලස් මුදලක් ගත් පොලිසියේ දෙදෙ‍නෙක් අත්අඩංගුවට

රථ වාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් 10,000 මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...