26.1 C
Colombo
Wednesday, October 4, 2023

වී මෝල් මාෆියාව නතර කළ හැටි මහින්දානන්ද කියයි

- Advertisement -

මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු සතු කරගෙන තිබූ සහල් මාෆියාව නතර කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

වී සඳහා සහතික මිලක් නියම කිරීම හරහා එය සිදු කළ හැකිවූ බවයි ඊයේ (02) දින රූපවාහිනී දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින්.

මෝල් හිමියන් එක කන්නයකට බිලියන 50කට වඩා ලාභ උපයන බවත් ඇතැම් මැති ඇමතිවරුන්ද මෝල් හිමියන්ට යටත්ව ඇති බවත් තමන් මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟද බහින්බස් වූ බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

කෙසේ නමුත් මහපරිමාණ මෝල් හිමියන් අධික මිලට සහල් විකිණීමේදී ක්‍රියාත්මක නොවූ රජය ගොයම් කපන සමයේදී මිල අඩු කිරීමෙන් පහර දීැත්තේ ගොවියාට මිස මෝල් හිමියාට නොවන බවයි එම වැඩසටහනට සහභාගීවූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ.

එමෙන්ම කාබනික පොහොර සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් කරුණාරත්න මහතා පවසා සිටියේ කාබනික පොහොර භාවිතයට විරුද්ධ නොවන නමුත් එය එක්වරම නීතියක් බවට පත්කිරීමෙන් මේ වන විට ගොවීන්ට කාබනික හෝ රයාසනික පොහොර නොමැතිව අසරණ වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටී බේරුණු දරුවන් දෙදෙනෙක්

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බේරුවල මරක්කලවත්ත හේන පාර ප්‍රදේශයේදී මෙම අනතුර...

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...