29 C
Colombo
Wednesday, March 29, 2023

මාළු වැස්සක් ඇද හැලුණේ ටොනාඩෝ තත්ත්වයක් නිසා

- Advertisement -

මහියංගනය ප්‍රදේශයට මාළු වැස්සක් ඇද හැලුණේ ටොනාඩෝ තත්ත්වයක් හේතුවෙන් බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න මහතා පැවසුවේය.


දිවයිනට බලපා තිබෙන ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුර, නැගෙනහිර,උතුර මැද සහ ඌව වැනි පළාත්වල තමයි නිරන්තර වැසි තත්ත්වයක් ඇතිවන අතර නමුත් පසුගිය කාලයේ වියළි කාළගුණික තත්ත්වයක් තිබුණ හෙයින් සමහෙර ප්‍රදේශවල ටෝනාඩෝ වැනි සංසිද්ධීන් ඇතිවිය හැක බවද ඔහු සඳහන් කළේය.


”ඒ වගේ අවස්ථාවල තමයි ජලාශවල සිටින මාළු වලාකුළු මඟින් ඇඳගන්නේ එවිට තමයි මාළු වැසි වහින්නේ. අද දිනයේ මහියංගනය ප්‍රදේශයේ ඇතිවෙලා තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්.” බවද ඔහු පැවසුවේය.


අතුල කරුණරත්න මහතා මේ බව කියා සිටියේ මහියංගනය ප්‍රදේශයට මාළු වැස්සක් අද හැලීම සම්බන්ධයෙන් මාධ්‍යයෙන් කළ විමසීමට පිළිතුරු දෙමිනි.


මේ අතර දෙසැම්බර් 22 වන දිින උතුර,උතුරුමැද,නැගෙනහිර,ඌව,වයඹ සහ හම්බන්තොට යන ප්‍රදේශවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අතුල කරුණාරත්න මහතා කියාසිටියේය.

එම ප්‍රදේශවල අහස වළාකුලින් බරව තිබිය හැකි අතර දිවයිනේ අනෙකුත් පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි සන්ධ්‍යා කාලය වන විට ඇති විය හැකි බවද කරුණාරත්න මහතා කියාසිටියේය


.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...