29 C
Colombo
Saturday, July 27, 2024

මහියංගන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරු ගැටී 12 ක් රෝහලේ

- Advertisement -

මහියංගන ප්‍රා‍දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, තවත් පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාර කරුවන් පිරිසක් මහියංගණ පොලිසිය ඉදිරිපිටදී අද (12)  ඇති කරගත් ගැටුමකින් 12 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුළු  කර ඇතැයි පොලීසිය කියයි.
.
මහියංගණ ප්‍රාදේශිය සභාවේ 2021 වර්ෂය සදහා දෙවන අය වැය ලේඛනයද පරාජය වීමත් සමඟ ප්‍රාදේශිය සභාභූමියෙන් පිටතදී පසුගියදා  08 වෙනිදා ඇති වු උණුසුම් අවස්ථාවේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ නිශ්ශන්ක වර්ණසුරිය මන්ත්‍රීවරයා හා මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම  ගජනායක මහතා අතර  උණුසුම් කථාබහක් ඇතිව පොලිසිය මැදිහත්ව ගැටුමක් දක්වා යෑම  වළක්වා තිබේ.
 
ඉන්පසු මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම මහතා විසින් ප්‍රාදේශිය සභා මන්ත්‍රී වර්ණසුරිය මහතා තමන් හට තර්ජනය කල බවට පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොණුකරනු ලැබු අතර, පැමිණිල්ල විභාග කිරිම සඳහා අද (12) සවස දෙපාර්ශවය මහියංගණ පොලිසිය වෙත කැදවා තිබිණ.
 
පැමිණිල්ල විභාග කිරිමෙන් පසු දෙපාර්ශවය  පොලිසිය ඉදිරියේ සමතයතට පත්ව ඇති අතර පොලිස්ථානයෙන් බැහැරට යමින් සිටියදී යලි ඇතිවු කථාබවහක් දුරදිග ගොස් පොලිස්ථානයේ ගේට්ටුව අභියසදී යලි පහරදීමක් සිදුව ඇත. දේශපාලන ආධාරකරුවන් රැසක්ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහුන්ද එම ගැටුමට මැදිහත්ව, පහරදීම දැඩිව සිදුව ඇත. එහිදී තුවාල ලැබුවන් ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට  ඇතුලත්ව  තිබේ.

ලංකාදීප

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...