දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදා හැරීමට බාධා එල්ල වී තිබෙනවා.
තැපැල්පති පී. සත්කුමාර් මහතා පවසන්නේ, තැපැල්කරුවන්ගේ හිඟය ඊට හේතු වී ඇති බවයි.
තැපැල්කරුවන් ඇතුළු තැපැල් සේවකයින් 2000කට ආසන්න පිරිසකගේ පුරප්පාඩු සිය දෙපාර්තමේන්තුව සතු බව ද තැපැල්පතිවරයා සඳහන් කරනවා.
තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් දිනක ප්‍රමාදවීම් යටතේ ඇතැම් පළාත්වල ලිපි බෙදීම සිදුවන බවත් කලාප වශයෙන් කොටස්කර ලිපිබෙදීමේ කටයුතු සිදු කරමින් තිබෙන බවත් තැපැල්පති පී. සත්කුමාර් මහතා කියා සිටිනවා.
බොහෝ නිලධාරීන් විශ්‍රාම යාම සහ නව බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් තැපැල් සේවයේ ඇතැම් සේවා පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසනවා.