25 C
Colombo
Wednesday, September 27, 2023

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

- Advertisement -

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ කජු මිනිස්සුන්ට තබා බල්ලන්ටවත් කෑ නොහැකි බවට තමා කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමේදී කජු ගෙනවිත් තිබුණේ ඩුබායි රාජ්‍යයෙන් බව පැවසූ සිරිසේන මහතා ඩුබායි කජු සෑදෙන රටක් නොවන බවත් සඳහන් කළා.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී යි.

කිසිම වෘත්තිය සමිතියකට ගුවන් සේවාව ගැන රජය කිසිම සාකච්ඡාවක්දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වෘත්තිය සමිතිවලට කාලයදීම වැදගත් බවද සඳහන් කළා.

එමෙන්ම සෑම ඇමැතිවරයකුම මේ ගුවන් සේවාවට සේවකයන් අසීමිතව දැමූ බවත් ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු සියලු කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන බවත් සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ප්‍රති-COVID ඖෂධයකින් නව විකෘති Covid වෛරසයක්

ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රති-COVID ඖෂධයක් හේතුවෙන් Covid වෛරසය විකෘති වීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. Covid සඳහා ප්‍රතිකාර කිරීමට නිපදවන ලද මුල්ම...

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...