32 C
Colombo
Saturday, March 25, 2023

ප්‍රශ්න කිරීම්වලදී හිටපු ජනපති විහිළු සහගතව හැසිරෙනවා – නීතිඥවරුන්ගෙන් චෝදනා

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදී ඇතැයි ඔහුට හරස් ප්‍රශ්න යොමුකළ නීතිඥවරුන් ඊයේ (24) කොමිසම හමුවේ චෝදනා කර තිබේ. 

නීතිඥවරුන් චෝදනා කළේ, ජාතික ආරක්ෂාවේ ඛේදජනක සිද්ධියක් වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම්වලදී හිටපු ජනාධිපතිවරයා ඉතා විහිළු සහගතව හැසිරෙන බවය. 

සිංගප්පූරු සංචාරයෙන් පසුව ඉන්දියාවේ තිරුපති වැඳීමට දරුවන් කී දෙනකු සහභාගි වූයේ දැයි ඇසූ ප්‍රශ්නයකට, තමාට එය අමතක බවට දුන් පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටි නීතිඥයා මෙසේ චෝදනා එල්ල කළේය.

ජනාධිපති කොමිසම හමුවේ හත්වන දිනටත් හිටපු ජනාධිපතිවරයා සාක්ෂි දුන් අතර, වගඋත්තරකාර පාර්ශවලට හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව හිමිවුණි. 

එහිදී හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, පාස්කු ප්‍රහාරය දින ඉක්මනින් මෙරටට පැමිණීමට ගුවන් ගමන් වාර 3ක් තිබුණත්, සැලසුම් කළ ගුවන් යානයෙන්ම පැමිණියේ මන්දැයි හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය. 

ඊට පිළිතුරු හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, “ගුවන් යානා යන එන වෙලාවල් ජනාධිපති කෙනෙක් හැටියට මම දන්නේ නැහැ. මම කරන්නේ නිලධාරින් මට වෙලාව කිව්වම එතනට යන එක. අනික ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා මට එන්නතක් දුන්නට පස්සේ පැය 24 ක් යනකල් ගුවන් ගමන් තහනම් කරලයි තිබුණේ. එහෙම තියෙද්දිත් පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය නොසලකා මම එදින මධ්‍යම රාත්‍රී ලංකාවට ආවේ,” යනුවෙනි. 

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නියෝජනය කළ නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා ඉන් පසුව හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න කරනු ලැබුවේය.

“සාක්ෂිදීමේදී ඔබ කියා සිටියා, අප්‍රේල් 20, 21 දුරකථන ඇමතුමක් හා සම්බන්ධවීමටත් නොහැකි තරමේ අපහසුතාවයකින් හිටියේ කියලා. නමුත් ඔබ, 16 වැනිදා කෙලින්ම සිංගප්පුරු නොගොස් ඉන්දියාවේ තිරුපති වන්දනාවට ගියා,” නේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළේය. 

ඊට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, එය මාගේ  වාර්ෂික වන්දනා ගමනක් බවය.

“හිටපු ජනාධිපතිතුමනි, ලක්ෂ ගාණක් වන්දනාකරුවන් ඉන්න තිරුපතිවල තෙරපෙමින් වන්දනාවේ යාම දුෂ්කර ගමනක්. ඉතිං 20, 21 වෙද්දී Call එකක් Answer කරන්න බැරි තරමට අපහසුවෙන් හිටපු ඔබතුමාට තිරුපති වන්දනා කරන්න පුළුවන් වුණාද?”  යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළේය. 

“තෙරුවන්ගේ සරණින්, දෙවි පිහිටෙන් එහෙම බරපතළ අමාරුවක් තිබුණේ නෑ,”  හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. 

“16 වෙනිදා මේ ගමනට ඔබේ බිරිඳ, දරුවන් තිදෙනා සහභාගි වුණාදැයි” නීතිඥවරයා ප්‍රශ්න කළේය.

මඳ සිනහවකින් ඊට පිළිතුරු දුන් සිරිසේන මහතා, ” දරුවන් තුන්දෙනාම ගියාද කියලා මට මතක නැහැ. නමුත් බිරිඳ නම් ගිය බවට මතකයි,”  ප්‍රකාශ කළේය. 

එහිදී යම් ආවේගයකින් ප්‍රශ්න කළ නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා,
“හිටපු ජනාධිපතිතුමනි මේක විහිළුවක් නෙමේ. ජාතික ආරක්ෂාව මුළුමනින්ම තර්ජනයකට ලක්වූ ඉතාමත්ම ඛේදජනක අවස්ථාවක රටේ ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක ඉඳලා තියෙන්නේ. 16 වෙනිදා ගුවන් තොටුපොළෙන් පිටත් වෙද්දී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගුවන් යානය ඇතුළටම නැගලා සැලුට් ගැහුවා කියලා ඔබතුමාම මේ කොමිසමට කිව්වා. එහෙම කියන්න මතකයක් තිබ්බ ඔබතුමාට තමා එක්ක ගිය තමාගේ දරුවන් කවුද කියලා මතක නැහැ කියලා පිළිගන්න කියලා ද ඔබ මට කියන්නේ,” යැයි ප්‍රශ්න කළේය.

“මට ඇත්තටම මතක නැහැ ස්වාමීනි” යැයි හිටපු ජනාධිපතිවරයා එහිදී පිළිතුරු දුන්නේය.

” එහෙනම් හිටපු ජනාධිපතිතුමනි, ඔබ සිංගප්පුරුවට ගිහින් නැවතුණේ මොන හෝටලයේද කියලා. රිට්ස් කාල්ටන් හෝටලයේද නැත්තම් මරිනා බේ සෑන්ඩ් හෝටලයේදැයි” නීතිඥවරයා හිටපු ජනාධිපතිතුමාගෙන් විමසා සිටියා.

“අම්මෝ, ඒ මොකක්ද ඒ. ඔය මරිනා බේ සෑන්ඩ් කිව්වේ අර කණු දෙකක් උඩ තියෙන නැවක් වගේ එක නේද,  මම හිතන්නේ නැහැ ලංකාවේ කාටවත් ඒ වගේ එකක නැවතිලා ඉන්න පුළුවන් කියලා. ඒක මේ කැසිනෝ වගේ දේවල්වලට මහ ප්‍රසිද්ධ හෝටලයක්නේ. මම නම් හිටියේ පොඩි හෝටලයක. මට ඒකේ නම නම් මතක නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

“ඔබ, සිංගප්පුරුවේ සිටි දවස් හතර තුළ ලංකාවේ ඉඳලා කෙළින්ම සිංගප්පුරුවට ගිය කවුරු හරි ඔබතුමාව හම්බවෙන්න ආවද?” නීතිඥවරයා විමසා සිටියේය.

“නැහැ මට එවැනි කවුරුත් ආවා කියලා මතක නැහැ.” 

“හිටපු ජනපතිතුමනි, ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂි දෙන්නේ දිව්රුම් පිටයි. ඔබ සිංගප්පුරුවේ රැඳී හිටපු දින කිහිපය තුළදී මෙරටින් ගිය හිටපු අමාත්‍යවරයෙක්, ප්‍රාදේශිය දේශපාලනඥයෙක් ඔබව හමුවීමට අවේදැයි,” නීතිඥවරයා යළි විමසා සිටියේය. 

එවිට ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තමාට එවැනි සිද්ධියක් මතක නැති බවය.

-ADA DERANA-

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...