29 C
Colombo
Saturday, July 27, 2024

‘ දැන්වත් ප්‍රමුඛතා ලැයිස්තුවක් හදන්න ’ – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

- Advertisement -

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට සෞඛ්‍ය සේවයේ ඇතැම් වෘත්තිය සමිති නියැලී ඇති ගෝත්‍රික වෑයම නතර නොකළහොත් සෞඛ්‍ය සේවකයන් අතර ගැටුම් ඇති වී එය වසංගත මර්දනයට නරක ලෙස බලපානු ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛය ඇමැතිවරියට ලියුමක් යොමු කරමින් අනතුරු අඟවා ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය සේවාවේ නියුතු ලක්ෂ එකහමාරකට ආසන්න සියලු සාමාජිකයන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ප්‍රමුඛතාවය ලැබෙන පරිදි එන්නත් කරණය සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියගෙන් ඉල්ලා ඇත.

ලංකාව තුළ එන්නත් ලබා දීම විවිධ මැදිහත්වීම් සහිත අතිශය දූෂිත වැඩපිළිවෙළක් බවට පත්ව ඇතැයි චෝදනා කරන එම සංගමය දේශපාලකයන් සහ නිලධාරීන් තමන්ට ඇති බලතල යොදා ගනිමින් ඥාති හිතමිතුරන්ට එන්නත් ලබා දීමට මැදිහත් වෙමින් සිටිතැයි ද එම ලිපියෙහි කරුණු සඳහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...