32 C
Colombo
Friday, March 29, 2024

සිහින දැක දැක නොසිට ඒවා සැබෑ කරගන්න – මෛත්‍රී

- Advertisement -

සෑමදා සිහින සිහින ලෙස විඳිනවාට වඩා ඒ සිහින සැබෑ කරගෙන ප්‍රයෝගිකව අත්විඳින ලෙස හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, චීනයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පොලොන්නරුවේදී ඉදිවූ ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.

මෙම රෝහල හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී චීන ජනපති ෂී ජින්පිං මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව ඉදිකරනු ලැබූ අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 12කි. රෝහල සඳහා අවශ්‍ය සියලුම උපකරණද චීනය පරිත්‍යාග කර තිබේ.

චීන – ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද රෝහල ලෙසින් නම්කර ඇති මෙම රෝහල දකුණු ආසියාවේ ඇති විශාලතම වෘක්කවේද රෝහලද වන අතර මේ හරහා උතුරු මැද ඇතුළු දිවයිනේ බොහෝ ප්‍ර දේශවල ජනතාව පෙළෙන නිදන්ගත වකුගඩු රෝගීන්ට විශාල සේවාවක් ලබාදීමට අවස්ථාව තිබේ.

2017 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම රෝහලේ ඉදිකිරීම් ආරම්භ කළ අතර 2021 ජූනි මස 11 වන දින වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වන ලදි.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...