මෙරට දෙදින නිල රාජ්‍ය සංචාරයක යෙදී සිටි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ රථ වාහන පෙළ පටිගත කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඊයේ (24) බොරැල්ලේදී අත්අඩංගුවට ගැනුනා.
අදාල පටිගත කිරීමේ දී ඔහු ෆේස්බුක් සජීවී විකාශයක්ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ පදිංචිකරුවෙකු වන අදාල සැකකරු පෞද්ගලික අංශයේ යාන්ත්‍රික සේවකයෙකු ලෙස රැකියාවෙහි නිරතවනවා.
රට තුළට පැමිණෙන සම්භාවනීය පුද්ගලයකුගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කිරීමේ චෝදනාව මත පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
කෙසේ වෙතත් පසුව ඔහු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.