30 C
Colombo
Friday, May 17, 2024

රත්‍රං ජෙල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

- Advertisement -

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්‍රං ජෙල් ද්‍රවණයක් අඩංගු කරල් 3 ක් රහස් ප්‍රදේශයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි වෙත යාමට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි ත්‍රිරෝද රථ රියදුරෙකු එහි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ ඊයේ(18) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ක් වයසැති පුද්ගලයෙකු බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මුම්බායි බලා පිටත්වීමට සැකකරු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණී අවස්ථාවේදී ඇතිවූ සැකයක් මත මොහු එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කර තිබුණා.

එම අවස්ථාවේ කිලෝ එකයි ග්‍රෑම් 280 ක් බර මෙම රත්‍රං ජෙල් ද්‍රාවණ අඩංගු කරල් 3 ක් සිරුරේ රහස් ප්‍රදේශයේ සඟවාගෙන සිටින බවට අනාවරණ වුණා.

RECENT ARTICLES - SINHALA

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...