කොළඹ, සංඝරාජ මාවතේ ආපනශාලාවක අද (24) උදෑසන ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට ගිනි නිවීම් රථ තුනක් යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ ආපන ශාලාවේ මුළුතැන්ගෙයි ඇති වූ පිපිරීමකින් ගින්න සිදුව ඇති බවයි.
ගින්නෙන් එම ස්ථානයේ රැදී සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.