ඇමෙරිකාව විසින් පරිත්‍යාග කරනු ලදුව ශ්‍රී ලංකාවට ලැබෙන මොඩෙර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානයක් ඊයේ (16) මෙරටට ළඟා විය.
ඉතා ඉහළ ඵලදායීතාවක් සහිත මොඩෙර්නා එන්නත් තොගය කෝවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවිය.
එමෙන්ම, ඇමෙරිකානු ආධාර වැඩසටහන යටතේ මෙරටට ටොන් 11ක වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක් ලද අතර එහි රැපිඩ් ඇන්ටිජන් කට්ටල වැඩි වශයෙන් පැවති බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් USAID හි පරිපාලන ප්‍රධානී සමන්තා පවර් හට ස්තූතිවන්ත වෙමින් හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටින්නේ මෙය ශ්‍රී ලංකාවට මෙවැනි පරිත්‍යාගයක් අවැසිම මොහොතක් බවයි. එමෙන්ම මෙරට ඇමරිකානු තානාපතිනියහටත්, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් හටත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ස්තූති කර සිටියා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරියක වන සමන්තා පවර් මහත්මිය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ (යු.එස්.එයිඩ්/යු.එස්.ඒ.අයි.ඩී) හී ප්‍රධානියා ලෙස පත් කිරීමට එරට නව ජනපති ජෝ බයිඩන් පසුගිය ජනවාරි මාසයේදී කටයුතු කළා.
ලොවපුරා තිබෙන අර්බුදවලට තිබෙන විසඳුම් සෙවීමේදී ඇයට තිබෙන ජාත්‍යන්තර අත්දැකීම් ඉතා ඉහළ බවයි ඇය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ.
හිටපු විදේශ අමාත්‍යවරයකු සහ මුදල් අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතා සමඟ ඇයට ඇත්තේ ඉතාමත් සමීප සබඳතාවයක්.
ඔහුගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් කොළඹදී 2019 වසරේ පැවැති උත්සවයේ මුඛ්‍ය දේශනය පැවැත්වූයේ ද සමන්තා පවර් මහත්මියයි.
තමන් ඉතාමත් කාර්‍යබහුල අවස්ථාවක වුවද ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත ගෙන්වාගත හැකි එකම පුද්ගලයා මංගල සමරවීර බව එහිදී ඇය ප්‍රකාශ කර සිටියා. ඇයගේ එම ප්‍රකාශය පහතින්,
