29 C
Colombo
Wednesday, March 29, 2023

මැනිං වෙළඳුන් ජනාධිපති කාර්යාලය ඉදිරියට!

- Advertisement -

කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්ට පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණයේ වෙළඳසල් ලබා දෙන බව කියමින් ඔවුන් මහත් දුෂ්කරතාවට ඇද දමා ඇති බව පවසමින් විරෝධතාවක් දෙසැම්බර් 07 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වා ඇත.

මෙම විරෝධතාවට සහභාගී වු වෙළඳුන් පවසන්නේ මැනිං වෙළඳපොළේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී පෑලියගොඩ වෙළඳ සංකීර්ණයට ගෙන යන බව පැවසූ බවත් මැනිං වෙළඳපොළේ අඩි 10 කාමරවල දීර්ඝ කාලයක් වෙළඳ කටයුතු කළ වෙළඳුන්ට ආණ්ඩුව පොරොන්දු වී තිබුණේ අඩි 12 වෙළඳ කාමර ලබා බව ඔවුන් පවසයි.

තවද මැනිං වෙළඳපොළේ දිගු කාලයක් වෙළඳාම් කළ වෙළඳුන් අතරින් දැනට පෑලියගොඩ කඩ කාමර ලබා දී ඇත්තේ 300කට පමණක් බවත් අනෙක් වෙළඳුන්ට දෙසැම්බර් 07 වන දින කඩකාමර ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා ඇති නමුත් ඔවුන්ට පනවා ඇති කොන්දේසි නිසා ඔවුන් අසරණ වී ඇති බවත් විරෝධතාකරුවන් පවසයි.

තවද මැනිං වෙළඳපොළේ වෙළඳුන් මාසිකව නගර සභාවට ගෙවූ රු. 1250ක මුදල වෙනුවට පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේදී රු. 11,500ක් ගෙවීමට නියමකර කර ඇති බවත් එම වෙළඳසල් වෙනුවෙන් රු. ලක්ෂ 2ක අත්තිකාරම් මුදලක් ගෙවීමට සිදුවන බවද දන්වා ඇත.
සම්පූර්ණ වෙළඳ කාමරයක් ලබගැනීමට නම් රු ලක්ෂ 5ක අත්තිකාරම් මුදලක් තැන්පත්කර මාසික කුලිය රුත 25,000ක් ගෙවිය යුතු බවත් මැනිං වෙළඳ සංකීර්ණයේ ක්‍රියාකාරී වූ තොග හා සිල්ලර වෙළඳුන්ට හිමිව තිබුණු කාමර 2500ක් වෙනුවට පෑලියගොඩ වෙළඳපොළේ කාමර 1292ක් පමණක් බව ඔවුහු පවසති.

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...