කොවිඩ්-19 සඳහා එන්නත ලබාදීමේ ව්‍යාපාරය ප්‍රමාදවීමට විරෝධය පළ කිරීම සඳහා අද (09) පුත්තලම දී මිනිසුන් වෙනුවට ඩමි භාවිත කරමින් නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
විරෝධතාවය සංවිධානය කළ ප්‍රදේශවාසීන් කියා සිටියේ රටේ එන්නත් කිරීමේ වැඩසටහන තුළ පුත්තලම දිස්ත්‍රික්කය නොසලකා හැර ඇති බවයි.
සෙසු දිස්ත්‍රික්ක වල එන්නත් අනුපාතය 75%ක් පමණ වුවත් පුත්තලමේ දී තවමත් වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබා දී නැතැයි නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.
කෙසේ වෙතත් පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එන්නත්කරණ වැඩසටහන සඳහා එන්නත් 300,000 ක් පමණ පුත්තලම දිස්ත්‍රික්කයට ලබා දී ඇති බවයි.