31 C
Colombo
Wednesday, March 29, 2023

දූෂණ චෝදනා මත මාරුකර යැවූ මාතර රාහුලේ විදුහල්පති වෙනුවෙන් දේශපාලකයින් රැසක්

- Advertisement -

මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලෙගේ මහතා විසින් සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා රැසක් හේතුවෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

දරුවන් ඇතුළත් කිරීමේදී මුදල් ලබාගැනීම, අවිධිමත් පටිපාටියකට අනුව දරුවන් ඇතුළත් කර ගැනීම, සුදුසුකම් නොමැති දරුවන් ඇතුළත් කරගැනීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ලවී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

මීට අදාලව පරීක්ෂණයක් ආරම්භ කර ඇති හෙයින් මේ වන විට විදුහල්පතිවරයාව මාතර අධ්‍යාපන කලාප කාර්යාලයට මාරුකර යවා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ මාරුකිරීමට එරෙහිව ප්‍රදේශයේ දේශපාලඥයින් රැසක් විදුහල්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයක් මේ වන විට උදාවී ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරුවලට අනුව ඔවුන් පාසලට දරුවන් ඇතුළත්කරගැනීමේදී මෙම විදුහල්පතිවරයාගෙන් උපකාර ලබාගත් අය බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් දැඩි තීරණයක සිටින අතර මේ වන විටත් නව විදුහල්පතිවරයෙක් මාතර රාහුල විදුහල වෙනුවෙන් පත්කර තිබෙනවා.

මේ සම්බන්දයෙන් ගුරු සංගම් පවසන්නේ අදාල විදුහල්පතිවරයාට විදුහල්පති ධූරයේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය කෙරෙන සුදුසුකම් හෝ නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...