විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ සංශෝධිත ගාස්තු අයකිරීම ජුනි 01 සිට ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනනය කරන්නේ.
මීට පෙර මාර්තු මාසයේදීද සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදුවන විවාහ ලියාපදිංචිය වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා තිබුණා.

