29 C
Colombo
Saturday, July 27, 2024

මාස්ක් ගෙන්වීම ගැන අලුතින් හිතමු

- Advertisement -

ශ්‍රී ලංකාවට මුව ආවරණ ගෙන්වීම තහනම් කරන බව ඖෂධ නිෂ්පාදනය සහ සැපයීම් පිළිබඳ රාජ්‍ය ඇමති චන්ද ජයසුමන ප්‍රකාශ කිරීමට හේතුව දේශීය මුව ආවරණ නිෂ්පාදකයන්ගේ පැමිණිලි සහ ඉල්ලීම් මත බව පෙනී යනවා.

ලංකාවේ දේශීය මුව ආවරණ නිෂ්පාදකයන් 15 දෙනෙක් ඉන්න බවත්, ඒ අයගෙන් රජය මාස්ක් මිලදී ගන්න බවත් චන්න ජයසුමන මහතා කියා තිබුණා.

මේ වන විට ලංකාවට ගෙන්වන ලද මුව ආවරණ ලක්ෂ 50ක් පමණ මේ වන විට වරායේ සහ ගුවන්තොටුපොළ තියෙන බවත්, ඒවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව ගෙනාපුවා බවත් එම නිෂ්පාදකයන් පැමිණිලි කරලා තියෙනවා. අරුණ පුවත්පතට අනුව ඔවුන් කියා තිබෙන්නේ, මේවා අවසර නැතිව ගෙනල්ලා දේශපාලන බලපෑම් මත ඒවා නිදහස් කරගන්නා බව.

දිවයින පුරා රෝහල්වල ශල්‍ය මුව ආවරණ දෛනික අවශ්‍යතාව දෙලක්ෂ පනස් දහසක් වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය කියා තිබෙනවා. එම නිසා ලක්ෂ දහයක පමණ මුව ආවරණ සංචිතයක් පවත්වාගෙන යාමට අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව සඳහන්.

මුව ආවරණ පිළිබඳ ලෝකයේ තියෙන ප්‍රමිතිය අනුව කොවිඩ්-19 වසංගතයෙන් සම්පූර්ණයෙන් ආරක්ෂා වෙන්නට වෛද්‍යමය මුව ආවරණයක් ඕනෑ. එහෙත්, දැනට ලෝකයේ විශේෂඥයන් බොහෝ දෙනෙක් කියන්නේ සෞඛ්‍ය සේවකයන් සහ අවදානම් සහගත කාණ්ඩ හැරුණාම අනෙක් හැමෝම රෙදි මාස්ක් දාන එක හොඳයි කියලා.

ඒකට හේතුව වෛද්‍යමය මාස්ක් එකක් එක් වතාවක් පාවිච්චි කරලා විසි කරන්න ඕනෑ වීම. අනෙක ඒ ගොඩක් මාස්ක් වර්ග දිරාපත් වෙන්නේත් නැහැ. නිල්පැහැ සැත්කම් මාස්ක් එක ප්ලාස්ටික්මය රෙද්දකින් හැදූ එකක්.

ඒ නිසා මේ වන විට ලෝකයේ විශාල පරිසර ප්‍රශ්නයක් බවට විසිකරන ලද මාස්ක් පත්වෙලා තිබෙනවා. විශේෂඥයන් සාමාන්‍ය ජනතාවට රෙදි මාස්ක් පළඳින්නැයි ඉල්ලන්නේ එම නිසා. ඒ අනුව රෙදි මාස්ක් අඩු මිලට සපයාගත හැකියි, සෝදා නැවත පාවිච්චි කළ හැකියි, පරිසර හානිය අඩුයි.

ලංකාවට අප රෙදි මාස්ක් ආනයනය කරන්නේ ඇයි? රෙදි මාස්ක් එකක් නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ අයට තිබෙනවා. නිවෙස්වල ස්වයං රැකියාවක් ලෙස පවා ඕනෑ තරම් මාක්ස් නිෂ්පාදනය කරන අය ලංකාවේ ඉන්නවා.

අනෙක් අතට මෙම කාලසීමාව බොහෝ අයට රැකියා අවස්ථා නැතිව, ආර්ථික අමාරුකම්වලින් සිටින කාලයක්.

ඒ නිසා ලංකාවේ මාස්ක්  හෙවත් මුඛ ආවරණ නිෂ්පාදනය කරන්න පුළුවන් නම්, එයට පහසුකම් සහ පිරිස් බලය තිබෙනවානම් එය ගෙන්වීමෙන් වැළකීම කළ හැකි දෙයක්. එය යහපත් දෙයක්.

එහෙත්, දැනට චන්ද ජයසුමන රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශයක් ලෙස කර ඇති එය යථාර්තයක් වනු ඇතැයි සිතීම අපහසුයි. හේතුව ලංකාවේ මාක්ස් ගෙන්වන ව්‍යාපාරිකයන් චන්ද ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයාට වඩා ශක්තිමත් වීම. එම නිසා මාස්ක් ගෙන්වීම නතර කිරීමක් ගැන බලාපොරොත්තු තබන්න අමාරුයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...