29 C
Colombo
Sunday, June 4, 2023

මාස්ක්, ෆේස් ශීල්ඩ් සහ මාධ්‍යයේ සමාජ වගකීම

- Advertisement -

කම්මැලිවීරගේ තීරු ලිපි

Face Mask එකක් වෙනුවට Face shield එකක් පැළඳීම ප්‍රමාණවත්ද?
කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ!”

මේ, මෑතකාලීනව පැතිර යන Face shield එකක් පමණක් පැළඳීමේ රැල්ල පිළිබඳව මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් දැක්වූ අදහසයි.

මුව ආවරණයක් පැළඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අවකාශය හරහා වෛරසය ගමන් කිරීම හැකිතාක් අවම කිරීම වන අතර යම් මුව ආවරණයක් (Mask) මගින් පෙරහන් කිරීම කෙතරම් සාර්ථක ද යන කාරණය මත මෙන්ම, එය කෙතරම් හොඳින් මුහුණට සවි වේ ද යන කාරණය මත මෙය රඳා පවතිනවා.

එනමුත් Face shield එකක් මගින් ලැබෙන ආරක්ෂාව වන්නේ තමාට ආසන්නයේ සිටින කෙනෙකුගේ මුවින් විසිවන විෂබීජ සහිත කෙළ බිඳිති කෙලින්ම මුහුණ මතට පතිත වීම වැළැක්වීමයි.

තමාට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසූ අවස්ථාවක බිඳිති කෙලින්ම තමාගේ මුහුණ මත පතිත වීම වැළැක්වීම සඳහා මුව ආවරණයකට අමතරව face shield එකක් පැළඳීම අවශ්‍ය නම් කළ හැකියි. මීට අමතරව, පැළඳ සිටින මුව ආවරණය මතට බිඳිති පතිත වීම මගින් එය අපිරිසිදු වීම වැළැක්වීම සඳහාත් face shield එකක් භාවිතා කිරීම අනුමත කළ හැකියි.

මෙය විශේෂයෙන්ම කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සමඟ නිතර ගැවසෙන රෝහල් කාර්ය මණ්ඩලයට මුව ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහා උදව් වනවා.

එහෙත් කිසිම විටෙක Face shield එකක් මුව ආවරණයක් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය නොවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කර සිටින්නේ.

මුව ආවරණයක් නොමැතිව Face shield එක පමණක් පැළදීම මගින් අපේක්ෂිත ආරක්ෂාව කිසිලෙසකත් ලැබෙන්නේ නැහැ.

මේ ගැන සාකච්ඡා කිරීමේදී අවධාරණය කළ යුතු තව කරුණක් තියෙනවා. මුව ආවරණයක් පැළඳීම කියන්නේ අප මේ වසංගතයෙන් ආරක්ෂා වීමට යොදා ගන්නා එක් උපක්‍රමයක් පමණයි. මුව ආවරණයක් පැළැඳි පමණින් වුවත් 100%ක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

මේ වසංගතය පැතිරීම අවම කර ගැනීමට නම්, මෙවැනි ආරක්ෂණ උපක්‍රම යොදා ගැනීම වගේම, සෙනග ගැවසෙන ස්ථාන හැකිතාක් මගහැරීම හා දෑත් නිතර පිරිසුදුව තබා ගැනීම වැනි දේ එක ලෙසම වැදගත් වන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිහිපත් කර සිටින්නේ.

මුව ආවරණයක් පැළඳ සිටීම එය නොපැළඳ සිටීමට වඩා ඔබට පහසු විය හැකියි. ඒත් එසේ කිරීමෙන් ඔබ කරන්නේ ඔබගේ සමාජ වගකීමෙන් බැහැරවීමක් මෙන්ම මෙරට ක්‍රියාත්මක වන නීති රෙගුලාසීන්ට පටහැනි ක්‍රියාවක්.

මෙවැනි වසංගත තත්වයකදී වඩාත්ම ආදර්ශමත් විය යුතු මෙරට විද්‍යුත් මාධ්‍ය නාලිකා විශාල සංඛ්‍යාවක් මුව ආවරණයක් නොමැතිව, Face shield එක පමණක් පැළදීම ප්‍රවර්ධනය කරන අයුරු ඔබට අපට පසුගිය දින ගණනාවේදීම නිරීක්ෂණය කිරීමට හැකි වුණා. කලාකරුවන් ගෙන්වා පවත්වන සුහද කතාබහේ සිට රියැලිටි වැඩසටහන් දක්වා පරාසයක් තුළ මෙම මාධ්‍යයේ සමාජීය වගකීමෙන් බැහැරවීම අප නීරීක්ෂණය කළා.

එබැවින් අපට අපගේ සහෝදර මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමට ඇත්තේ යහපත් දෑ සමාජ ගත කරන ලෙසත් මෙවන් විපත් අවස්ථාවකදී ජනතාවට සෞඛ්‍ය රෙගුලාසීන්ගෙන් පිටයෑමට අනුබල දෙන දෑ කිරීමෙන් වළකින ලෙසත් ය. මෙම වසංගතය ජය ගත හැක්කේ අප සියළු දෙනා එක්ව රැකුණහොත් පමණක් බව යළිත් ඔබට සිහිපත් කරමි.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...