27 C
Colombo
Thursday, March 30, 2023

අප්‍රේල් 21 ට පෙර යුක්තිය ඉටු නොවුනොත් දැවැන්ත විරෝධයක්

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි නම්කර ඇති වැරදිකරුවන් අප්‍රේල් 21 වන දිනට පෙර උසාවියට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දිවයින පුරා විරෝධතාවයක් පවත්වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් උතුමාණන් පවසනවා.

දේව මෙහෙයකට සම්බන්ධවීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් උන්වහන්සේ මේ අදහස් පළකළා.

කුමන බලවේගයක් ක්‍රියාත්මක වුව ද යුක්තිය ඉටුවන තුරු තමා ජනතාව සමග පෙරමුණේ ගමන් කරන බවද මැල්කම් කාදිනල් රංජිත් උතුමාණන් මෙහිදී අවධාරණය කර සිටියා.

“ලබන මාසය එනම් අප්‍රේල් 21 වන විට ජනතාවට යුක්තිය ඉටුවෙන බව දකින්නට නැතිනම් අපි 21 වන දා අපි කරන විරෝධය ඉතාමත් ශක්තිමත්ව ලංකාව පුරා කරන බව දන්වමි. විනිවිඳභාවයෙන් යුතු ක්‍රියාදාමය තුළ කිසිවෙකුට විශේෂ සැලකිලි දක්වන්නේ නැතුව අඩුම ගානේ කොමිෂන් සභාවේ දීලා තියෙන නියෝග අනුව එහි වැරදිකරුවන් ලෙස නම්කර ඇති සමහර අය උසාවිය ඉදිරියට ගෙන ඒමට 21කට කලින් මේ රජය කටයුතු නොකළහොත් අපේ විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්නට වෙනවා. ඒක අපි අතහරින්නේ නෑ.“

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...