30 C
Colombo
Monday, March 20, 2023

තරුණයකුට වධ දුන්නැයි මාතර මාලිම්බඩ පොලිසි ගැන විමර්ශන

- Advertisement -

මාලිම්බඩ හා මාතර පොලිස් ස්ථානවල පුද්ගලයකු නීතිවිරෝධී අයුරින් රඳවාගෙන දින ගණනාවක් තිස්සේ වධහිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මාතර තෙලිජ්ජවිල මත්පැන් අළෙවි සැලක සිදු වූ බව කියන සොරකමක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී අයුරින් රඳවාගෙන පොලුවලින් පහර දී බරපතල තුවාල කළ බවට එම ප්‍රදේශයේම පදිංචි විසි අට හැවිරිදි තරුණයකු කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය සිදුවන්නේ යැයි පොලිස් කොමිසමේ නිලධාරියෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.

පැමිණිල්ලේ සඳහන් පරිදි මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන මාලිම්බඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා අතින් පයින් හා පොලුවලින් ද පහර දෙමින් ප්‍රශ්න කර ඇත.

විකට් කූරකින් පහර දුන් එක් අවස්ථාවක එය කැඩී තම පාදය සිදුරු වන ආකාරයට බරපතල තුවාල වී යැයි ද ඉන්පසුවත් එක් නිලධාරියකු රෙදි කෑල්ලක මිරිස් අඹරා තම මුවට තබා ගැට ගැසුවේ යැයි ද පැමිණිලිකරු එහි සඳහන් කර ඇත.

තමා අත්අඩංගුවට ගෙන ඇති බව දැනගෙන පවුලේ උදවිය නීතිඥවරයකු පොලිසීයට එවුවත් පහරදීම් නතර නොකළේ යැයි ද පසුව මාතර පොලිසියට ද රැගෙන ගොස් පහරදුන්නේ යැයි ද එම තරුණයා කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කෙසේ වෙතත් මත්පැන් අළෙවිසැලේ සොරකම සිදු වූ අවස්ථාවේ වීඩියෝ පට මාතර පොලිසියට ගෙනැවිත් තම පවුලේ අයටද පෙන්වා එහි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පරීක්ෂා කිරීමේදී එහි සිටින්නේ තමා නොවන බව හඳුනාගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා තම මවගෙන් සමාව ඉල්ලා සිටියේ යැයි ද එම තරුණයා තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පසුව පොලිස් නිලධාරින් පිරිස එක් වී තරුණයාගේ තුවාලවල ආලේප ගල්වා උණු දියෙන් තවා ප්‍රථමාධාර දී නෑසිය මිතුරන් අස්වැසුවේ යැයි ද එහි සඳහන් වේ.

කෙසේ වෙතත් අදාළ තරුණයා රෝහල්ගතවීම වලකා 1990 සුවසැරිය ගිලන්රථයක් භාවිතා කර ඔහුට ප්‍රථමාධාර දෙන්නට මාතර පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේ යැයි ද දින දෙකක් පුරාවට පොලිසියේ රඳවාගෙන බෙහෙත් කර පස් වැනි දිනයේ පොලිස් ජීප් රථයකින්ම නිවෙසට ඇරලවා ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් අධිකාරි හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවලට පැමිණිලි කළත් විමර්ශනයක් සිදුනොකොට ඒ වෙනුවට මාතර පිහිටි පෞද්ගලික රෝහලකින් එක්ස් කිරණ පරීක්ෂාවක් කර නැවත ප්‍රතිකාර ලබාදුන්නේ යැයි ද පැමිණිලිකරු තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

තම යටිපතුල්වල අස්ථි බිඳී ඇති බවට එක්ස් කිරණ පරීක්ෂණයෙන් හෙළි වූ පසුව පොලිස් නිලධාරින් පිරිස තමා මාතර රෝහලට රැගෙන ගොස් මෙම තුවාල සිදුවූයේ තාප්පයකින් පැනීමට ගොස් බවට ව්‍යාජ කටඋත්තරයක් ලබාගත්තේ යැයි ද එහි සඳහන් වේ.

පසුව දිගින් දිගටම සිය ශරීරයේ වේදනාව උත්සන්න වීම නිසා තමා මාතර රෝහලට ඇතුලත්ව සත්‍ය පවසා ප්‍රතිකාර ලබාගත්තේ යැයි ද අධිකරණ වෛද්‍යවරයකු විසින් පළමු වරට කටඋත්තරයක් ලබාගත්තේ එම අවස්ථාවේ යැයි ද පැමිණිලිකාර තරුණයා තම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

සිදුවීමෙන් පසුව අදාළ සොරකම සිදු වූ මත්පැන් හලේ කළමණාකරු තමාට මුදල් දීමට තැත් කළේ යැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
සිදුවීම සම්බන්ධයෙන් වින්ධිත තරුණයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් කර ඇත.

RECENT ARTICLES - SINHALA

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.